Posted on 02.27.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරන බවට බලධාරින් පොරොන්දුවක් ලබා දුන් බව රැකියා විරහිත උපාධිධාරි සංගමය පවසයි
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අද(27දා) කොළඹ ගාලුමුවදොර පිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්විණි. එහිදී ලබාදුන් සාකච්ඡාවේදී රැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා අයවැයෙන් මුදල් වෙන්කරන බවට මුදල් අමාත්‍යාංශ බලධාරීන් පොරොන්දු වූ බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ පවසති.
මේ අනුව රැකියා ඉල්ලා මහපාරේ සිදු කළ සටන් මාර්තු 05 වැනිදා තෙක් නවතා දමන බවද එ් හිමියෝ අවධාරණය කළහ. එහිදී මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට විරෝධතාවේ නිරත වූ 05 දෙනෙකුට අවස්ථාව හිමි විය. මෙම සාකච්ඡාවේදී උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාළව මුදල් වෙන්කරන බවට බලධාරීන් පොරොන්දු වූ බවද තැන්නේ ඥානානන්ද හිමියෝ පවසා සිටියහ. අයවැය ලේඛනය මාර්තු 05 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත්, එම ලේඛනය තුළින් මුදල් වෙන් නොකළොත් කොළඹ මූලික කර ගනිමින් අඛණ්ඩව විරෝධතා ව්‍යාපාර හා විවිධ ක්‍රියාමාර්ග දියත් කරන බවත් එහිමියෝ අවධාරණය කළහ.