தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
අර්ජුන් මහේන්ද්‍රන්ගේ පාරේ ගියොත් නීතිය ඉදිරියට යන්න සූදානම් වෙන්න - වීරවංශ මහබැංකු අධිපතිට අනතුරු අගවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අර්ජුන් මහේන්ද්‍රන්ගේ පාරේ ගියොත් නීතිය ඉදිරියට යන්න සූදානම් වෙන්න – වීරවංශ මහබැංකු අධිපතිට අනතුරු අගවයි



 

ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය ලයිකමොබයිල් හිමිකරුට පවරා දීම අරමුනු කරගෙන එම සමූහයේ වටිනාකම  ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක සිට ඩොලර් මිලියන 75 දක්වා ඉහළ නැංවීම නිසා දේශීය ගැනුම්කරුවකුට ලංසු ඉදිරිපත් කිරීම දුෂ්කර වී ඇති බවද මහබැංකු බැදුම්කර වංචාව වැනිම ක්‍රියාමාර්ග නිසා මහබැංකු අධිපතිට නීතිය ඉදිරියට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවද විමල්වීරවංශ මන්ත්‍රිවරයා පවසයි.

මුල් වටිනාකමට වැඩි ලංසුවකට දේශීය ව්‍යාපාරිකයකු විසින් එම දේපළ ඉල්ලා සිටි විට එයට තවත් ආයතන කිහිපයක් එකතු කර සමස්ත දේපළවල වටිනාකම ඩොලර් මිලියන 60 දක්වා ඉහළ දැමූ බවද දේශීය ව්‍යාපාරිකයා එම ආයතන ඩොලර් මිලියන 61කට ලංසු ඉදිරිපත්කිරීමට සූදානම් විට මහ බැංකුව විසින් බංකොළොත් වූ ඊඒපී මූල්‍ය සමාගම හැර සියලු ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයේ වත්කම් ඩොලර් මිලියන 75කට තක්සේරු කර යළි ලංසු කැඳවා ඇති බවද මන්ත්‍රි වීරවංශ පෙන්වා දෙයි.

ඔහු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට අනතුරු අගවමින්  ‘මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වී 2019 පෙබරවාරි 27 වැනිදාට වසර 04යි. හිටපු අධිපතිවරයා සේම එවැනිම අක්‍රමිකතාවකට මුල් වූ ඔබ ද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යෑමට සූදානම්ව සිටින්න” යනුවෙන් ප්‍රකාශයක් කර ඇත.

කෙසේවෙතත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙසේ කරුනු දක්වන්නේ කුමන දේශීය ව්‍යාපාරිකයා වෙනුවෙන්ද යන්න අනාවරණය කලේ නැත.