தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
අර්බුදයේ මුල් තියෙද්දි අධිකරණ තීන්දුවෙන් විසදුමක් ලැබෙන්නෙ නෑ! - පෙ.ස.ප. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අර්බුදයේ මුල් තියෙද්දි අධිකරණ තීන්දුවෙන් විසදුමක් ලැබෙන්නෙ නෑ! – පෙ.ස.ප.



ලංකාවේ දීර්ඝ කාලයක් වර්ධනය වූ හේතු මත අදවනවිට සංකීර්ණ අර්බුදයක්ව පවතින නිසා එයට අදාළ සමාජ දේශපාලන සාධක ඉවත් නොකර අධිකරණ තීන්දුවෙන් විසදුම් නොලැබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

නොවැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීන්දු කළ පසුව පෙළ ගැසෙන දේශපාලන තත්වයන් පිළිබද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස් පළ කරන ජනමාධ්‍ය හමුවක් ඊයේ(14) බත්තරමුල්ල පෙ.ස.ප. කාර්යාලයේදී පැවැත්විණි. එම මාධ්‍ය හමුවෙදී පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් පළ කළ අදහස් මෙසේය.

“දින 50කට ආසන්න වූ මේ දේශපාලන අර්බුදකාරී තත්වය ඇත්තටම දීර්ඝ කාලීන අර්බුදයක ප්‍රකාශනයක් ලෙස අපි දකිනවා. ඒ අර්බුදයේ යම් අවස්ථාවක් ඉක්ම ගිහින් තිබෙන නමුත් අර්බුදයේ මූලික සාධක අහෝසි වෙලා නැති නිසා අර්බුදය අවසන් කියලා කියන්නත් බෑ. මේ අර්බුදය තවදුරටත් ඉදිරියට යාමට නියමිත බවයි අපේ මැනීම.

දැන්මේ අර්බුදය ගැන එක් එක් පාර්ශ්ව විවිධ විග්‍රහ ඉදිරිපත් කරමින් ඉන්නවා. සමහරු කියනවා මේක මෛත්‍රි, මහින්ද, රනිල් යන තුන්දෙනාගෙ බල ලෝභය නිසා ඇතිවූ තත්වයක් කියලා. ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා සහ එ.ජා.ප. නායකයා අතර බලපොරයේ අවස්ථාවක් ලෙස ඔවුන් මේ ගැන කතා කරනවා.තව පිරිසක් කියන්නෙ මේක ව්‍යවස්ථා අර්බුදයක් කියලා. ඒ වගේම මේක චීනයේ මැදිහත්වීමෙන් ඇති කළ අර්බුදයක් කියලත් කියනවා. අනෙක් පැත්තෙන් යුරෝපා-අමෙරිකා මැදිහත්වීමක් කියන පිරිසකුත් ඉන්නවා. අපි කියන්නෙ ඒ විග්‍රහ එකක්වත් සම්පූර්ණ නෑ. එහෙම අසම්පූර්ණ වහයෙන් පැත්තකින් බලලා විග්‍රහ කරන්නෙ අත්වැරැදීමකින් කියලා අපි කියන්නෙත් නෑ. ඒ ඒ කණ්ඩායම් තමන්ගෙ පැත්තෙන් වාසිදායක විදියට හාම්පුතාගෙ අරමුණු අන්ව මේ වුග්‍රහ ඉදිරිපත් කරනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට අපට මේ ආසන්න දේශපාලන පෙළගැසීම් ගැන වගේම මේ අර්බුදයේ ඉතිහාසයත් එක්ක සම්බන්ධ විග්‍රහයක් තිබෙනවා. මේ ආසන්න කාලයේ දින 50ක පමණ මෑත සිදුවීම්වල අපට මාළිගා කුමන්ත්‍රණයක් දකින්න ලැබෙනවා. අපි මින් පෙරත් මේ ගැන අදහස් පළ කළා. මාළිගා කුමන්ත්‍රණයේ අත්තනෝමතිකභාවයක් බලසූද්වේ ප්‍රකාශනයන් තිබෙනවා. ඒ වගේම මේ අර්බුදය සම්බන්ධයෙන්වන ප්‍රෙව්ශයේදී අපි අවධාරනය කරන්නෙ ඒ මාළිගා කුමන්ත්‍රණයේ එක් එක් පාර්ශ්වකරුවන්ට කිට්ටු නොවී මේ කුමන්ත්‍රණයේ කොටස්කාරයන් නොවී මේ සම්බන්ධ ස්ථාවරයක් ඇති කරගත යුතුයි. ඒ එක් කොටස්කරුවන් පිරිසක් ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කරලා මහින්ද රාජපක්ෂ අගමැතිකමට නම් කළාම කිරිබත් කෑවා. ජනතාව අතරත කොටසකුත් එකතු වෙලා කිරිබත් කෑවා. නමුත් දැන් අද වෙනකොට තවත් පිරිසක් කේක් කනවා. ප්‍රසිද්ධ කියමනක් තියෙනවා සිදුවීම් වෙන්නෙ සිනාසෙන්නවත් හඩන්නවත් නෙවෙයි, සිදුවන දේ තේරුම් ගන්න කියලා. ඒ නිසා අපි කියන්නෙ මේ වෙනස්කම් වෙද්දි අපට සතුටු වෙන්න හෝ කණගාටුවෙන්න නෙවෙයි, සිදුවෙන දේ වටහා ගැනීම වැදගත්.

දැන් සමහරු අහනවා අපෙනුත්, අරයට කැමතිද මෙයාට කැමතිද, මෙහෙම වුණොත් කැමති වෙනවද, අරහෙම විණොත් මොකද කියන්නෙ කියලා. අපි කියන්නෙ ඔක්තෝබර් 26 වැිදා සිදුවුණේ මේ රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක එක් සිදුවීමක් පමණයි. මේ ආණ්ඩුව විසින් පසුගිය වසර 4ක් පුරා සිදුකරමින් ආව ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස එතැනට තල්ලු වුණා. දැන් ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරණයක් ගත්තා කියලා රනිල් වික්‍රමසිංහ පූස් පැටියෙක්ද? ඔහු කටයුතු කළ ආකාරය අහිංසක නෑ. ඒ වගේම මහින්ද රාජපක්ෂ ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ කොහොම කෙනෙක්ද කියලා අපිට අමුත්වෙන් කියන්න අවශ්‍ය නෑ. ඔහුගේ පාලනය ප්‍රතික්ෂේප කරලා ජනතාවට දහඅතේ පොරොන්දු දීලා පත්කරගත්ත රනිල්-මෛත්‍රි හවුල් ආණ්ඩුව 2015 සිටම පොරොන්දු කඩකරමින් ගිය ගමනට දිගින් දිගටම ජනතා විරෝධය එල්ල වුණා. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍ය කියලා ඔවුන් කළ දේවලට ජනතාව ඇතුළු සමාජ බලවේග තදින් විරෝධය පළ කළා. රාජපක්ෂලගෙ ප්‍රජාතන්ත්‍රවිරෝධී කටයුතු සම්බන්ධව විමර්ශන කරමින් වැරදිකරුවන්ට දඩුවම් දෙන බව කිව්වා. අතුරුදන් කළ අය මරා දමපු අය ගැන යුක්තිය ඉටු කරන බව කිව්වා. හවුල් ආණ්ඩුව ඒක කළේ නෑ. මාධ්‍යෙව්දින්ට කළ අපරාධ, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම් ගැන කිසිවක් කළේ නෑ. ඒ වගේම වඩාත් ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති අණ පනත් ගෙන එන්න හවුල් ආණ්ඩුව කටයුතු කළා. පැය 24ක අත්අඩංගුවේ ගබා ගැනීම වෙනුවට පැය 48ක් තබාගැනීමේ නීති සංශෝධනය, ප්‍රතිත්‍රස්ත පනත මේ අය ගෙනාවෙ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අදහස් අමතක කරලා.
ඉන්පස්සෙ මේ පහුගිය කාලෙය් මේ දෙපාර්ශ්වයම බලය ස්ථාපිත කරගන්න කටයුතු කළේ කොහෙමද? පොත්වල නීතිවල මොනවා තිබුණත් ඔවුන් කළ දේ ගැනකාටවත් සතුටු වෙන්න බෑ. පහුගිය දවස්වල මේ අය කිව්වෙ මහමැතිවරණයක් ගැන. ජනතාවට ඡන්දය දෙන්න අවස්ථාව දෙන්න එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදී කියලා කිව්වෙ. එහෙම නම් මහින්ද රාජපක්ෂගෙ කණ්ඩායම පාර්ලිමේන්තුව විසුරුවන්න පැයක් තියෙද්දිත් ඇමතිකම්වල ිවුරුම් දුන්නෙ ඇයි? ඇමතිකම් අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ තියන්නද? ඇමතිකම්, රාජ්‍ය බලය, රජයේ වාහන, රජයේ මාධ්‍ය සහ දේශපාලන හයියෙන් මැර බලය පවත්වාගෙ/න යමින් මැතිවරණ පවත්වන්න අවශ්‍ය වුණා.
අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහලා කිව්වෙ මොකක්ද? අපිත් මැතිවරණවලට කැමතියි, ඒත් නීත්‍යනුකූල ආණ්ඩුවක් යටතේ විතරයි කිව්වා. ඒ කියන්නෙ ඒ අයට ඕන වුණේ තමන්ගෙ ආණ්ඩු බලය නැවත ස්ථාපිත කරලා මහමැතිවරණයට යන්න. ඒ අයත් උත්සාහ කරන්නෙ බලය පාවිච්චි කරලා, ඇමතිකම් නිසා ලැබෙන රජයේ වාහන, වරප්‍රසාද මුදල්, මැර බලය සහ රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මැතිවරණ කරන්න.

මොකක්ද මේ අය කරන්න හදන්නෙ. දැන් රනිල් වික්‍රමසිංහලා පාර්ලිමේන්තුවෙ නත්තල් අයවැයක් අරගෙන එන්න, බොරු සහන ටිකක් පෙන්වලා ජනතාව රවටන්න සූදානම. කොහෙන් හරි ණය වෙලා ආපහු ජනතාවට ගෙවන්න වෙන ණය උගුලෙම හිරකරලා ඒ ණය ටිකෙන් මොනවා හරි තාවකාලිකව ජනයාට දීලා මැතිවරණයෙදි වාසි ගන්න හදන්නෙ. එහෙම රැවටිලිකාර දේශපාලනයක් මේ අය ගෙනයන්නෙ.

දැන් සමහර අය මේ තීන්දුව ගැන අධිකරණයට පැසසුම් කරන්න උනන්දු වෙනවා. අපි දන්නවා පහුගි කාලෙ අධිකරණය කළ දේවල්. වැඩ කරන ජනයා ඉල්ලීම් ඉල්ලමින් පාරට එන කොට තහනම් නියෝග දුන්නෙ අධිකරණය. සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ මිනිස්සු, දේශපාලන ක්‍රියාකාරිකයන්, ශිෂ්‍යයන් මර්දනය කළේ, මාස ගණන් හිරගත කළේ අධිකරණය බව අපි අමතක කරන්න ඕනද? අපි පහුගිය කාලෙ අධිකරණයට ගියා ප්‍රති ත්‍රස්ත පනත හැටියට ආණ්ඩුව ගෙනත් තියෙන මර්දන පනත සම්බන්ධව, එකෙ තියෙන විදියට ආණ්ඩුවට විරුද්ධව විවේචන කරන, අදහස් ප්‍රචාරය කරන, වැඩවර්ජනය කරන සහ දේශපාලන සටන්වලට , වෘත්තිය අරගලවලට කැදවන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම්කරන්න ඒ පනතෙන් නීති ගෙනත්. එවැනි පනතක් සම්මත කළොත් දේශපාලන සංවිධාන හා ජනතාවගේ විරෝධතා පවත්වන සංවිධාන තහනම් කරන්න, වැඩවර්ජනය කරන කම්කරුවන්ත්‍රස්තවාදින් ලෙස නම්කරලා දඩුවම් කරන්න බලයක් ආණ්ඩුවේ ඇමතිවරුන්ට ලැබෙනවා. මේ නීති සම්මත කළොත් ආණ්ඩුවට විරුද්ධව හිතන්න විතරයි පුලුවන්. කිසිම දෙයක් කරන්න බෑ, ත්‍රස්තවාදී චෝදනා යටතේ දඩුවම් විදින්න වෙනවා. ඒ පනත ගැන අධිකරණයේ මතය නොවැම්බර් 2වැනිදා කථානායකවරයාට භාර දුන් බවක් දැනගන්න ලැබුණ නිසා අපි උනන්දුවෙන් ඉන්නවා, අධිකරණය මේ ගැන දරන ස්ථාවරය මොකක්ද කියලා.

ඒ වගේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කළ බවට සමහරු චෝදනා කර තිබෙනවා. අපි කියන්නෙ විකටාධිපති තත්වයක් ඇති වෙලා කියලා. පාර්ලිමේන්තුව පහුගිය දවස්වල බූරු පොලක් බවට පත්වුණ බව අපි දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල කියපු තැන කෝලම් මඩුවක් බවට පත් වුණා. ඒ නිසා මේ රටේ ව්‍යවස්තාව, නීතිවල, නිර්ණායකවල සම්ප්‍රදායන් ලෙස මොනවා තිබුණත් ඒ එකක්වත් අදාළ නැති බව මේ පාලකයන් පෙන්නුම් කර තිබෙනවා. එහෙම තියෙද්දිත් දැන් සමහරු මේ ප්‍රජාතන්.්‍රවාදෙය් ත්‍රිමුර්තිය ගැන කතා කරනවා. මේ ත්‍රිමුර්තිය ආරක්ෂා කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය රකින්න, පරමාධිපත්ය සුරකින්න මේ අය කතා කරන්නෙ, මේ සතා වලිගෙ ඉදන් ඔලුව දක්වා තමන්ව කාගෙන ගිය තත්වය තුළ. තව ටිකක් ගියා නම් ඔලුව කන තත්වයක් තිබුණෙ. ඒ නිසා මේ සිදුවූන ක්‍රියාවලිය තුළ අධිකරණය මේ දුන් තීරණය හැර වෙන මොකක්ද කරන්න තියෙන්නෙ? අධිකරණයට නීතියෙ හැටියට පොතේ හැටියට මේක තමයි කියන්න වෙන්නෙත්. අනෙක් පැත්තෙන් මේක දේශපාලනිකව වෙනත් උත්තරයක් දීලා බැරි තත්වයක් තිබුනෙ. ඒ නිසා මේ ත්‍රිමුර්තිය ගැන කතා කරනවාට වඩා දේවල් මෙතැන තිබෙනවා. අධිකරණය මොනවා කිව්වත් අධිකරණය පසුගිය කාලෙ කළ දේවල් ජනතාවට වාසිදායක වුණාද කියලා අපි දන්නවා. ඒ වගේම මේ අධිකරණ මතය ගෞරවයෙන් පිළින්නවා කියන අය අධිකරණ තීන්දුවලට ගරු කරපු හැටි අපට මතකයි. රාජපක්ෂ ආණ්ඩු කාලෙ තෙල් මිල රු. 100ක් කරන්න තීන්දුවක් දුන්නම රාජපක්ෂලා ඒක ක්‍රියාත්මක කළ හැටි අපි දන්නවා. රනිල්-මෛත්‍රි හවුල් ආණ්ඩුවෙදි පළාත්පාලන මැතිවරණ නීති සංශෝධනය කරන වෙලාවෙ අධිකරණය දුන් තීන්දුව නොසළකා කාන්තා නියෝජනය සම්බන්ධ සංශෝධනයක් මුවාවෙන් රිංගවපු කාරණා ගැනත් කියන්න වෙන්නෙ අධිකරණයට ගරු කිරීමක් ලෙසද කියලා අපි අහනවා. අනෙක් කාරණය වෘත්තිය සමිතිවල, ශිෂ්‍ය ව්‍යාපාරයේ ඒ වගේම සාමාන්‍ය ජනතා විරෝධතාවලදි තනම් නියෝග ලබා දෙමින් අධිකරණය කටයුතු කළ හැටි අපිට මතකයි. මේ නිසා ඔය ත්‍රිමුර්ති කතා ජනතාවගේ පැත්තෙන් කිසිම වැදගැම්මක් නෑ.

නමුත් අපි දන්නවා මේ ලොවෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු සංවාදයක්, විශාල විරෝධතා ප්‍රමාණයක් සමාජය තුළ ඇති කළා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ අරගලය ජනතාවගේ අයිතිවාසිකම් සියල්ල ආවරණය කරමින් ඉදිරියට ගෙන යායුතු බව අපි ස්ථිර වශයෙන්ම අවධාරනය කරනවාත නැත්නම් මේ පහුගිය දවස්වල බල සූදුවෙ අරමුණුවලට ප්‍රජාතන්ත්‍රවාදය සටන් පාඨයක් ලෙස ඔසවන්න, සමහරු ගෙන ආව සංදර්ශන හැටියට ඉතිහාසයට එකතු වෙයි. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන බලවේගවලින් අපි ඉල්ලා සිටිනවා, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්, විශේෂයෙන් වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වෙනුවෙන් ඒ අරගලය අඛන්ඪව ඉදිරියට ගනෙ යන්න පුලුල් සටන් පෙරමුණක් බවට පත්කරන්න අපි උත්සාහ කරනවා. ඒ සියලු දෙනා අවංකව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුනේ සටනක යෙදෙනවා නම් වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප් සම්බන්ධව, රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කිරිමේ ඉල්ලිඹ සම්බන්ධව සටන් කරන්න සිදුව තිබෙනවා.

දැන් ඒ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී අරමුනු වෙන්වෙන් සටන් කරණ මධ්‍යස්ථානයක් පිහිටුවන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි සූද්නමින් වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා 2015දි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරපු, මේ දේශපාලන බල අරගලයෙදි ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් වෙනුවෙන් පාරට බැහැපු සියලු දෙනාටම, මේ රටේ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගන, වැඩකරන ජනයා වෙනුවෙන් හඩ නගන සහ සටන් කරන සියලු දෙනාට ඒකරාශි වෙන්න, ජනතාවගේ ඇත්ත ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගලයටඑක් නේන කියාලඅ ිප ආරාධනා කරනවා.”