தமிழ்
English
Contact
Monday 10th December 2018    
අරුවක්කාඩු කසළ අංගනයට විරෝධය පළකරමින් උපවාසයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරුවක්කාඩු කසළ අංගනයට විරෝධය පළකරමින් උපවාසයක් !



ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා සිදුකෙරෙමින් තිබෙන උපවාසයට දින 12ක් ඉක්ම ගොස් ඇතිබව වාර්තා වේ.

අරුවක්කාඩු කසල අංගනය හේතුවෙන් පුත්තලම කලපුවට සහ අනිකුත් ගම්මාන කිහිපයකටම හානි සිදුවන බවත් ඒ හේතුවෙන් මෙම කසල අංගනය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානයේ මූලිකත්වයෙන් මෙම උපවාසය සංවිධානය වී තිබේ.

දෛනිකව කොළඹ නගරයේ එක්රැස් වන කැළි කසළ දුම්රිය මාර්ගය ඔස්සේ අරුවක්කාඩු ප්‍රදේශයට බැහැර කිරීම සඳහා ව්‍යාපෘතියක් ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම ඉදිකිරීම් මේ දිනවල සිදු වේ. මෙයට විරෝධය පළකරමින් එම ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම විරෝධතාවල නිරත වූ අතර එහි තවත් පියවරක් ලෙස අඛණ්ඩ උපවාසයක්ද ආරම්භ කර තිබේ.

මීට පෙර එලෙස කසළ බැහැර කිරීමට යෝජනා වී තිබුණේ, අරුවක්කාඩුහි කලා ඔය ආසන්නයේ ගගේ වාඩිය ගම්මානය ආශ්‍රිතව ය. නමුත් දැන් තීරණය වී ඇති ආකාරයට කසළ බැහැර කිරීම සිදුවන්නේ අරුවක්කාඩු ප්‍රදේශයේ නොව සේරක්කුලිය ප්‍රදේශය ආශ්‍රිතව බව පැවසේ.

සේරක්කුලිය හා කාර්තිව් ගම්මාන පුත්තලම කලපුව ආසන්නයේම පිහිටා තිබෙන අතර කලපුව ආශ්‍රිත ධීවර කර්මාන්තය මෙම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයයි. මේ අනුව කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයෙන් පිටවන අප ජලය පුත්තලම කලපුවට එක්වී විශාල හානියක් සිදුවිය හැකි බව ඒ ප්‍රදේශයේ ජනතාව පවසයි.

මෙම අපද්‍රව්‍ය නිසා පුත්තලමේ සිදු කෙරෙන ලුණු නිෂ්පාදන කර්මාන්තය අඩාල විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි .