தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
අරුවක්කාඩු කසළ ප්‍රවාහනයට කොළඹ නගර සභාවෙන් ලක්ෂ 30ක දෛනික වියදමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරුවක්කාඩු කසළ ප්‍රවාහනයට කොළඹ නගර සභාවෙන් ලක්ෂ 30ක දෛනික වියදමක්!



දෛනිකව කොළඹ නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට ප්‍රවාහනය කිරීමේ ගාස්තු වශයෙන් රු. ලක්ෂ 30 ක වියදමක්  දැරීමට සිදුවී ඇත.

දිනපතා රු. ලක්ෂයක් බැගින් කුලී පදනම මත ට්‍රක් රථ 30 ක් කසළ ප්‍රවාහනය සදහා කුලී පදනම මත ලබාගන්නා අතර ලොරියකට දිනකට යා හැකි ගමන් වාර එකකි. කසළ ටොන් 15 ක් මෙම ට්‍රක් රථයකින් දිනකට ප්‍රවාහනය කරන නිසා කසළ ටොන් 450ක් මේ ආකාරයෙන් දෛනිකව අරුවක්කාලු කසළ අංගනයට ගොඩගසනු ලබයි.

නගරයේ ගොඩ ගැසී තිබූ කසළ මෙට්‍රික් ටොන් 3000 කින් මේ වනවිට ටොන් 1500 ක් ඉවත්කර ඇතැයි පවසන කොළඹ නාගරික කොමසාරිස්වරයා දෛනිකව එකතුවන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600 ක් බවද පවසයි. මේ අතර ජනතා විරෝධය නිසා මෙම කසළ ට්‍රක් රථවලට පොලිස් ආරක්ෂාව සපයන්නට සිදුව ඇත.