தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
අරුවක්කාඩු ජනතා විරෝධතා නොතකා මහාපරිමාණ කසළ රැදවීම අරඹයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරුවක්කාඩු ජනතා විරෝධතා නොතකා මහාපරිමාණ කසළ රැදවීම අරඹයි!



අරුවක්කාලඩු ප‍්‍රදේශයේ ඉදිකර ඇති කස රඳවනය පිළිබද පරිසරවේදින් හා ජනතාව විරෝධය පළ කළද ඒ වෙත කොළඹ හා වෙනත් නාගරික ප්‍රදේශවලින් කසළ ගෙනයාමේ කටයුතු අද (16) ආරම්භ කළ බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ආරම්භක අදියර ලෙස කොළඹ මහනගර සභාවේ කසළ මේ වෙත ගෙනයාම අද (16) දිනයේදී ආරම්භ කරමින් කසළ ප‍්‍රවාහන රථ 10ක කසළ එහි තැන්පත් කෙරුණු බව බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා ඇත. එම කසළ රඳවනයෙහි දිනකට කසළ ටොන් 600ක් තැන්පත් කළ හැකි බවද ලබන වසරේ මාර්තු වන විට එය දිනකට කසළ ටොන් 1200ක් තැන්පත් කළ හැකි අයුරින් පුළුල් කරන බව ද දැනගන්නට ඇත.

පුත්තලම අරුවක්කාඩු ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම කසළ රඳවනය වෙත දුම්රිය මග ඉදිකර කසළ ප‍්‍රවාහන දුම්රිය ආරම්භ කරන එන තුරු කසළ ප‍්‍රවාහනය ට්‍රක් රථ මගින් සිදුවන බව ප්‍රකාශ කර ඇත. කසළ රඳවනය දක්වා ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිතය.