தமிழ்
English
Contact
Thursday 5th December 2019    
අරුවක්කාඩු ප්‍රදේශයේ කසළ බැහැරකිරීමට විරෝධය - වෙනසක තාරුණ්‍ය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරුවක්කාඩු ප්‍රදේශයේ කසළ බැහැරකිරීමට විරෝධය – වෙනසක තාරුණ්‍ය



අරුවක්කාඩු කසළ අංගනයට කොළඹ නගරයේ කසළ විශාල වශයෙන් ගොඩබෑම සම්බන්ධයෙන් ඇති පාරිසරික ගැටලුව දැනුවත් කිරීමේ හා විරෝධතා බැනරයකට අත්සන් කිරීමේ ව්‍යාපාරයක් ‘වෙනසක තාරුණ්‍ය'(Youth for CHEnge) සංවිධානය ආරම්භ කරණ ලදී.
පසුගිය කාලයේ කොළඹ නගරයේ කසළ මීතොටමුල්ල ප්‍රදේශයේ දැවැන්ත කන්දක් ලෙස එක්රඑැස් කිරීමෙන් විශාල පරිසර හානියක් මෙන්ම අවසානයේ ජීවිත හානි 32ක් හා දේපළ හානි සිදුවිය. ඉන්පසුව විසදුම් ලෙස කරදියාන ප්‍රදේශයේ කසළ පිරවීම ආරම්භ කළ විට කරදියාන ජනයා ඊට විරෝධය පළ කළහ. මේ වනවිට කරදියාන කසළ කන්ද අවදානම් ලෙස වර්ධනය වී නාය යන තත්වයක් නිසා අවට ජනයා ඉවත් කිරීමටද සිදුව ඇත. මෙසේ තිබියදී කොළඹ කසළ ගෙනයාමේ ස්ථානයක් නොමැති නිසා පාලකයන් සිදුකරන්නේ අරුවක්කාඩු ජනයාගේ විරෝධය නොතකා රාත්‍රි කාලයේ කසළ ගෙනැවිත් ගොඩබෑමය. මෙම තීරණයට අධිකරණයෙනද්ද අනුමැතිය ලැබීම නිසා ජනතාව අසරණ වී සිටී.
‘වෙනසක තාරුණ්‍ය‘ සංවිධානය මෙම ගැටලුවේ බරපතළකම වටහාගත් පරිසර සංවිධාන සමග ඊට එරෙහි විරෝධයක් සංවිධානය කර තිබේ. ඊයේ වනාතවිල්ලුව ප්‍රදේශයේ ගම් කිහිපයක් හා කතෝලික දේවස්ථාන ආශ්‍රිතව මෙම දැනුවත්කිරීම සිදු විය. කතෝලික ජනයා බහුලව වෙසෙන මෙම ප්‍රදේශයේ පල්ලියේ ආගමික වතාවත්වලට පසුව ජනතාව දැන්වත් කිරීමේ හා විරෝධය පළ කිරීමේ බැනරයට අත්සන් කිරීම සිදු විය.

සින්නහවිල්ලුව පල්ලියේ දැනුවත් කිරීමක්
සේරක්කුලිය බැනරය අත්සන් කිරීම
මංගලපුර බැනරය අත්සන් කිරීම
වනාතවිල්ලුව බැනරය අත්සන් කිරීම
අරුවක්කාඩු කසළ අංගනයට රාත්‍රි කාලයේ හොර රහසින් කසළ ගොඩබෑම