தமிழ்
English
Contact
Friday 22nd November 2019    
අරුවක්කාලු කසළ ප්‍රවාහනයත් වැරදියි, කසළ ගොඩ ගැසීමත් වැරදියි ! - ශ්‍රේෂ්ඨාධිකරණය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරුවක්කාලු කසළ ප්‍රවාහනයත් වැරදියි, කසළ ගොඩ ගැසීමත් වැරදියි ! – ශ්‍රේෂ්ඨාධිකරණය



අරුවක්කාලු කසළ අංගනයේ කසළ දැමීම නීති විරෝධී බවට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලික තීන්දුවක් දී තිබේ.

කොළඹ සිට පුත්තලම දක්වා කසළ අපද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇත්තේ නීති විරෝධී ලෙස බවත් ළ ගොඩ ගැසීම කර ඇත්තේ පාරිසරික බලපත්‍රයකින් පවා තොරව බවත් අද දින අධිකරණයේදී තහවුරු විය. අරුවක්කාලු ‘කසල රඳවනය‘ නමැති කුණු ගොඩ ගැසීමට ප්‍රදේශවාසී විරුද්ධ වෙද්දී ඔවුන් ප්‍රහාරයට ලක්වීම හා අත්අඩංගුවට ගෙන අසාධාරණ චෝදනාවලට ලක්වීමත් පසුගිය දිනවල දක්නට ලැබිණි. අරුවක්කාලු කසළ පිරවීම නීති විරෝධී නම් එම වරද සම්බන්ධව ප්‍රසිද්ධියේ විරෝධය පෑ ජනයා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නේ කුමන යුක්තිය අනුවදැයි මීගමුව හා අරුවක්කාලු ජනයා ප්‍රශ්න කරති.