தமிழ்
English
Contact
Thursday 5th December 2019    
අරුවක්කාලු කුණු ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා ජනතාව චන්ද්‍රිකාට විරෝධය දක්වයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරුවක්කාලු කුණු ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා ජනතාව චන්ද්‍රිකාට විරෝධය දක්වයි



හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සහභාගිවු වනාතවිල්ලුව කරතිව් රැස්වීමක් අතරතුරදි පුත්තලම ජනතාව අරුවක්කාලු කසල අංගණය සම්බන්ධව ඇයගේ ස්ථාවරය සහ එයට විසඳුම් ඉල්ලා කල ප්‍රශ්න කිරීමට නිසි පිළිතුරු නොදීම නිසා එම ජනතාවය එයට විරෝධතාවය පළකර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජීත් ප්‍රේමදාසට සහාය පළකරමින් කරතිව් නගරයේ පැවති රැළියේ ප්‍රධාන ආරාධිතියා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පිරිසක් එක්ව තිබුණි.

මෙම රැස්විම සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි , ඇතුළු දේශපාලනඥයින් පිරිසක් එක්වි තිබුණි.

රැස්විම අවසානයේ චන්ද්‍රිකාගේ කථාව අවසන්කර වේදිකාවෙන් ඉවත් විමට ඇය සුදානම් වනවාත් සමග අරුවක්කාලු කසල අංගණයට විරෝධය පළකරන පුත්තලම ජනතාවගෙන් පිරිසක් කසල අංගණය පිළිබඳව ඇයගේ ස්ථාවරය විමසා ඇත .

එහිදි එම ජනතාව පවසා ඇත්තේ මේ වන විට කසල අංගණයේ පිපිරිම් පවා ඇතිවි ඇති බවත් මෙවැනි ව්‍යාපෘති නිසා තවත් වසර පහකින් මේ ගම්මාන දමා යාමට තමන්ට සිදුවෙනු ඇති බවයි.

එහිදි චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසා සිටියේ මේ සදහා විසඳුමක් ඡන්දයෙන් පසුව ලබා දෙන බවයි . එයට විරෝධය පෑ පුත්තලම ජනතාව කසල අංගණයට විරෝධය පා ඝෝෂා කර තිබේ. එහිදී එම රැස්විමට එක්වි සිටි පිරිසක් මෙම පිරිසට පහර දිමට උත්සාහ කිරීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.

පසුගියදා පුත්තලම නගරයේ පැවති රැළියකට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස පවසා තිබුනේ කුණු ප්‍රශ්නය තමන් විසඳන බවයි. නමුත් සජිත් ප්‍රේමදාස යනු කසළ අංගනය ආරම්භ කළ පවත්වාගෙන යන මේ ආණ්ඩුවේම ඇමතිවරයෙකි. ඊට අමතරව කසළ අංගනය ඉදිකිරිම සම්බන්ධ අමාත්‍යංශය භාර ඇමතිවරයා වන සහ ඒ වෙනුවෙන් ප්‍රභලව පෙනී සිටින පාඨලී චම්පික රණවක සජිත්ට සහාය පළකරමින් සිටියි.