தமிழ்
English
Contact
Monday 24th June 2019    
අරුවක්කාලු ජනතා විරෝධතාවයට සහාය දුන් පූජකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරුවක්කාලු ජනතා විරෝධතාවයට සහාය දුන් පූජකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක්!



පසුගියදා පුත්තලම, අරුවක්කාලු කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩබිමේ කටයුතු නවත්වන ලෙසත් ප්‍රදේශයට බැහැරින් කසළ රැගෙන ඒම නවත්වන ලෙසත් ඉල්ලමින් විරෝධතාවයට පූජකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුගිය 9 වැනිදා අරුවක්කාලුහි වැඩබිමේ විරෝධතාවය සංවිධානය කිරීමට සම්බන්ධ බව දක්වමින් ප්‍රදේශයේ කතෝලික පූජකවරයකු සහ ඉස්ලාම් මව්ලවිවරයකු මෙසේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතී. දිගින් දිගටම ප්‍රදේශවාසීන් විරෝධයට හේතු සම්බන්ධයෙන් සාකච්ඡාවකට කිසිදු බලධාරියකු ඉදිරිපත් නොවීම පිළිබද කෝපයට පත් විරෝධතාකරුවෝ‍ වැඩ අංගනයේ පිහිටි කාර්යාල භුමියට කඩා වැදි විරෝධතාවයේ නිරත වූහ. එහිදී විරෝධය පෑ තවත් පිරිසක් වහාම එම ස්ථානයට පැමින කිසිදු දේපලකට අලාභ හානි නොකරන ලෙස ඉල්ඉලමින්ව ඔවුන් ඉවත කැදවාගෙන යන ලදී. වැඩ බිමේ පිහිටි ව්‍යාපෘති කාර්යාලයට හානි පැමිණි බව පසුව වාර්තා විය.

 




Related News