தமிழ்
English
Contact
Sunday 20th January 2019    
අල්ලස් පනතට සංශෝධන පමාවෙන් මහබැංකු හොරුන්ගෙන් අලාභ අයකරගන්න බෑ - ජනාධිපති කථානායකට කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අල්ලස් පනතට සංශෝධන පමාවෙන් මහබැංකු හොරුන්ගෙන් අලාභ අයකරගන්න බෑ – ජනාධිපති කථානායකට කියයි



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කතානායකවරයා වෙත ලිපියක් මගින් දැනුම් දීමට නියමිත බව  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ පවසයි.

ජනාධිපතිවරයා මෙම බලකිරීම සිදුකරන්නට සූදානම් වන්නේ මහබැංකු වංචාවේ මුදල් අයකර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත සම්මත නොවීම බාධාවක් වී නිසා බව කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී මහින්ද සමරසිංහ මන්ත්‍රිවරයා පවසා තිබේ.  සංශෝධිත  පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව බොහෝ කාලයක් ගතවී  තිබුණද පාර්ලිමේන්තුවේ එය සම්මත නොවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ජනාධිපතිවරයා පනත කඩිනමින් පනත සංශෝධනය කර එම බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව වෙත ලබා දිය යුතු බව අවධාරනය කර ඇතැයිද සමරසිංහ මන්ත්‍රිවරයා කියා සිටියේය.