Posted on 11.06.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදුන් ලිපි ජනාධිපතිවරයා විසින් භාර ගෙන නැති බව වාර්තා වේ.
අධිකරණ විෂය භාර ඇමති ලෙස තමන්ගේ කිසිදු අදහසක් නොවිමසා ‘එක රටක් එක නීතියක්’ යනුවෙන් හැඳින්වෙන සංකල්පය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා එහි සභාපතිධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරුද්ධත්වය පළ කරමින් අධිකරණ ඇමතිවරයා විසින් මෙම ලිපි ඊයේ (5) ජනාධිපතිවරයාට භාර දී ඇත.
ස්කොට්ලන්ත සංචාරයෙන් පසු පැමිණි ජනාධිපතිවරයා හමුවුණු අලි සබ්රි ඇමතිවරයා විසින් නීති සකස් කිරීමට ක්‍රමවේදයක් පවතිද්දී මෙවැනි වෙනත් ක්‍රම මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම අනවශ්‍ය ගැටළු මතු වන්නක් බව පෙන්වා දී ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අදාළ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළි ගෙන නැති බවය.