தமிழ்
English
Contact
Friday 29th May 2020    
අලුත්කඩේ අධිකරණ ශාලා කඩා වැටීමේ අවදානම- සියගණනක ජීවිත අනතුරක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අලුත්කඩේ අධිකරණ ශාලා කඩා වැටීමේ අවදානම- සියගණනක ජීවිත අනතුරක!



අලුත්කඩේ පැරනි අධිකරණ ගොඩනැගිල්ල කඩාවැටීමට ඔන්න මෙන්න තත්වයේ පවතින බැවින් දිනපතා පැමිණෙන අධිකරණ සේවා නිලධාරින්, විනිසුරුවරුන්, නීතිඥයන් හා සාමාන්‍ය ජනයා සිය ගණනකගේ ජීවිත අවදානමක ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ විජේදාස රාජපක්ෂ පවසයි.

මේ වනවිට මහේස්ත්‍රාත් අධිකරණ හා දිසා අධිකරණ ශාලා ගණනාවක් තිබෙන මෙම පැරණි ගොඩනැගිල්ල පිළිසකර කළ නොහැකි මට්ටමේ අබලන් තත්වයක මුක්කු ගසා පවත්වාගෙන යනු ලබයි. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය සමයේ ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල මහා අනතුරක අවදානමක් දරණ බව අධිකරණ ඇමතිනි තලතා අතුකොරළ වෙත ලිපියක් යවමින් විජේදාස මන්ත්‍රිවරයා පවසයි. මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන්නට පෙරාතුව නව ගාඩනැගිල්ලක් ඉදිකරන්නට ජාතික අවශ්‍යතාව සළකා කටයුතු කළ යුතු බවද ඒ වෙනුවෙන් වන ව්‍යාපෘතියකට අරමුදල් මුදල් අමාත්‍යංශය විසින් වෙන්කළ යුතු බවද මන්ත්‍රිවරයා පවසයි.

කොලෙන්නාව කසළ කන්ද නායයාම වැනි ව්‍යසනයක් නොවනු පිණිස මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය අවධානය යොමුකරන ලෙස විජේදාස මන්ත්‍රිවරයා ඇමතිනිය වෙත අවධාරනය කර ඇත.