தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
අලුත්ම චීන ණය නිසා ණය බර තවත් ඉහළට ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අලුත්ම චීන ණය නිසා ණය බර තවත් ඉහළට !



චීන සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000 ක ණය මුදලක් 2018 ඔක්තෝබර් 17 වැනිදා රජයට ලබාගන්නට හැකි වූ බව මහ බැංකුව පසුගියදා නිවේදනය කර තිබුණි.

එම ප‍්‍රකාශනයේම මහ බැංකුව තවදුරටත් කියා සිටියේ විදේශ විනිමය එලෙස රට තුළට ගලා ඒම නිසා, රටේ නිල විදේශ සංචිත ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000 කින් වැඩි වූ බවය.

මෙහි අරමුණ රුපියලේ අගය රැක ගැනීම යයි නිගමනයක් කළ හැකි වුවද, ඔක්තෝබර් 17 වැනිදා මෙම නිවේදනයෙන් පසුව, එදින උදෑසන පැවති ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ රුපියල අගය වූ 172.28,ඔක්තෝබර් 22 වැනි දා (ඊයේ ) වන විට 173.38 දක්වා රු.1.10 කීන් අවප‍්‍රමාණය වී ඇත.

මේ හේතුව නිසා රජය ගෙන ඇති මෙම විදේශීය ණය වන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000 සඳහා පමණක්, පසුගිය බදාදා සිට අද දක්වා දින 5 තුළ, ණය පියවීමට ගෙවිය යුතු මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 1,100 කින් වැඩි වී ඇති බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.