தமிழ்
English
Contact
Friday 27th May 2022    
අලුත් අගමැති කෙනෙක් පත්කරනවා - ජනාධිපති විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අලුත් අගමැති කෙනෙක් පත්කරනවා – ජනාධිපති විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි!



(TopNews) රටේ ජනතාවගේ විශ්වාසය හිමිකරගත් අග්‍රාමාත්‍යවරයෙක් සහ නව ආණ්ඩුවක් පිටිහිටුවීමට මෙම සතිය කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අද(11) ජනමාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

රජයේ මූලික වගකීම සියලුම පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම බවත් එම ක්‍රියාවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලසියට දැනුම්දී තිබෙන බවත් ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා පැවසුවේ පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද කටයුතු කරනවා බවකි.
ජනාධිපතිවරයා ඉල්ලා අස් විය යුතු බවට කෙරෙන විරෝධතා පිළිබඳ කිසිවක් නොකීමට පරෙස්සම් වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය.
“වර්තමානයේ තිබෙන තත්ත්වය පාලනය කරන්න, ඒ වගේම රට අරාජිකත්වයට පත්වීම වළක්වා ගන්න දැනට ඇණහිට තිබෙන රජයේ කටයුතු පවත්වාගෙන යන්න නව ආණ්ඩුවක් පිහිටුවීමට මා කටයුතු කරමින් සිටිනවා. මම මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුලුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරනවා.
ඊට පස්සේ පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද මා කටයුතු කරනවා.
පත්වන නව රජයේ අගමැතිවරයාට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර රට ඉදිරියට ගෙන යන්න අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්වවලින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත් ඉල්ලීම් ලැබි තිබෙනවා. පත්වන නව රජය රට ස්ථාවරත්වයට පත් කිරීමෙන් පසු සියලුදෙනාම සමග සාකච්ඡා කර ඒ සඳහා කටයුතු කිරීමටත් ඉඩ ප්‍රස්ථාව සලසා දෙනවා. මෙම අතිශය දුෂ්කර අවස්ථාවේදී රට කඩාවැටීමට ඉඩ නොතබා මහජනතාවගේ ජිවිත වගේම ඔවුන්ගේ දේපළ ආරක්ෂා කරගෙන ජන ජිවිතයට අත්‍යාවශ්‍ය සියලු දේ සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න මට සහය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.”