தமிழ்
English
Contact
Friday 18th September 2020    
අලුත් ව්‍යවස්ථාවක් හදන්න සූදානම් - විද්වත් කමිටුවක් පත්කරනවලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අලුත් ව්‍යවස්ථාවක් හදන්න සූදානම් – විද්වත් කමිටුවක් පත්කරනවලු!



අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හා කෙටුම්පතක් සකස් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමට අධිකරණ ඇමති අලි සබ්රි තීරණය කර තිබේ.

අධිකරණ ඇමතිවරයා ධුරයේ කටයුතු භාරගෙන පළ කළ අදහස් අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කිරීම මෙන්ම නව ව්‍යවස්ථාවක් සකස්කිරීමද විය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පසුගිය දා රැස්වූ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවුණි.
ඒසේම එහිදී නව ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනයට අදාළ කැබිනට් අනු කමිටුවක් ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඇතුළුව අමාත්‍යවරුන් 5 දෙනෙකු පත්කෙරුණි.

මෙම කමිටුව විසින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු කරුණු සහ 20 වන සංශෝධනයට ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරනු ඇති බව අධිකරණ අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

කෙසේවෙතත් පසුගිය ආණ්ඩුව යටතේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුල් වූ පිරිසක්ද පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ඇමතිධුර දරති. තමන් විසින්ම සම්මත කළ ව්‍යවස්ථා සංශෝධනයක් අහෝසි කරන්නටත් නව ව්‍යවස්ථාවක් සකස්කරන්නටත් ඔවුන්ගේ අත් ඒසවීම වත්මන් දේශපාලනයේ ඣුගුප්සාජනක ඇත්ත අනාවරණය කිරීමක්ද වනු ඇත.