தமிழ்
English
Contact
Friday 16th April 2021    
අවදානම් වැඩි ජනතාවට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබා දී නැහැ - මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අවදානම් වැඩි ජනතාවට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබා දී නැහැ – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්



වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට කොවිඩ් එන්නත සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමේ ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය අත්තනෝමතික ලෙස වෙනස් කිරීම අභියෝගයට ලක් කරමින් අද(24) වැඩිහිටියන් පිරිසක් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම වෙනස සිදුකර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්ෂණ කමිටුවේ පවා අනුමැතියකින් තොරව වැඩබලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන ඇතුළු දේශපාලන තන්ත්‍රය විසින් බව වාර්තා වේ. මේ තත්වය හමුවේ ලංකාවේ වැඩිහිටි ජනගහනය මරණ අවදානමකට මුහුණ දී ඇත.

දැනටමත් ලංකාවේ කොවිඩ් ආසාදනය වී මියගිය අයගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60ට වැඩි අයයි. වයස අවුරුදු 80ට වැඩි කොවිඩ් ආසාදිතයන්ගෙන් 62%ක් මියගොස් ඇත.

මෙහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට කොවිඩ් එන්නත සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමේ ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම වැඩ ගැනීමට අවශ්‍ය ශ්‍රම බලකාය ඉතිරි කරගෙන තවත් වැඩකළ නොහැකි වයස්ගත ජනතාව මරා දැමීමේ ආණ්ඩුවේ ම්ලේච්ඡ තීරණයක් බවයි.