தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
අව-වරප්‍රසාදිත ජනතා බලවේගවලට වහා සහන ඉල්ලන ඒ්කාබද්ධ උද්ඝෝෂණයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අව-වරප්‍රසාදිත ජනතා බලවේගවලට වහා සහන ඉල්ලන ඒ්කාබද්ධ උද්ඝෝෂණයක්!



පීඩිත, අවවරප්‍රසාදිත බහුතරයට අයත් ජනයා වෙත කොරෝනා වසංගතයෙන් ඇති වූ බලපෑම් අවම කිරීම පිණිස ප්‍රමුඛතාවයෙන් සහන ලබා දෙන ලෙස බලකරමින් ඒ්කාබද්ධ විරෝධතාවක් සංවිධානය කර ඇත.

කම්කරු අරගල මධයස්ථානය, ගොවි අරගල ව්‍යාපාරය, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය, වෙනසක තාරුණ්‍යය, ඒ්කාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය යන සංවිධාන මෙම විරෝධතාවයට ඒක්වනු ඇති බව සංවිධායකයෝ පවසති.

පෞද්ගලික අංශයේ සේවකයන්ට තර්ජනයක්ව ඇති රැකියාවෙන් නෙරපා දැමීම සහ අර්ථ වැටුප් ගෙවීමේ තත්වය සම්බන්ධවද මැදපෙරදිග රැකියාවල නිරතවූවන් සියරට ගෙන්වා ගැනීමේදී පාලකයන් දක්වන කෙනෙහිලිකම්ද උඵාධිධාරින්ට රැකියා දෙන බව පොරොන්දු වුවත් ව්‍යාජ පුහුණු මත ඒම පොරොන්දුවෙන් ගැලවීමට දරණ උථ්සාහයටද මෙහිදී විරෝධය පළ කෙරෙනු ඇත. ඒසේම ත්‍රිරෝද සේවකයන්ගේ ජීවනෝපාය අවදානමේ හෙළන ලීසිං හා ණය වාරික කප්පාදු කිරීමට බලකරමින් සහ ව්‍යාපෘති සහකාර පත්වීම් ක්‍රියාවට නගන ලෙසත් මෙහිදී හඬ නැගීමට නියමිතය.

ගොවි ජනතාව කොරෝනා වසංගතය මැද මුහුණ දෙන විශේෂ ගැටලු මෙන්ම ඉදිරි ආහාරය අර්බුදය හමුවේ සමාගම් තරකිරීම වෙනුවට ගොවි ජනතාව ශක්තිමත් කරන පිළිවෙතක් ඉල්ලා මෙම විරෝධතාවට ගොවි අරගල ව්‍යාපාරයේ සහභාගිත්වයක් ලැබෙනු ඇත.