தமிழ்
English
Contact
Thursday 21st March 2019    
අශිෂ්ටත්වයට එරෙහිවීමේදි ශිෂ්ටත්වය අපේක්ෂා කළ නොහැකියි - අනුර දිසානායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අශිෂ්ටත්වයට එරෙහිවීමේදි ශිෂ්ටත්වය අපේක්ෂා කළ නොහැකියි – අනුර දිසානායක



ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වැනිදා ගත් ව්‍යවස්ථා විරෝධී පියවර නිසා රට තුළ අශිෂ්ට දේශපාලන ක්‍රියාදාමයක් පැන නැගුණු බැවින් ඒ අශිෂ්ටත්වයට එරෙහිව ක්‍රියාකිරීමේදී ශිෂ්ටත්වය අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඊයේ(23) දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජ.වි.පෙ. නායකයා විසින් පාර්ලිමේන්තුවේ කළ කතාවේදී මේ අදහස් පළ විය. ව්‍යවස්ථාව හා නීති යන සියල්ල භාවිතා කරමින් කළ අශිෂ්ට කුමන්ත්‍රණයක් පරාජය කිරීමට තම පක්ෂය සතු වගකීම ඉටු කළ බවද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේම ගොදුරක් බවට පත් වූ බව අනුර දිසානායක ප්‍රකාශ කළේය. ඔහු මෙසේද කියා සිටියේය.

ගරු කථානායකතුමනි,

දේශපාලනයෙදි අපි දන්නවා, මං දැක්කා වාසුදේව නානායක්කාර මහතා ඉතාම හොද ප්‍රකාශයක් මේ පිළිබදව කළා. මෙවැනි දේශපාලන අර්බුදවලදි නීතිය ව්‍යවස්ථාව යට යනවා, දේශපාලනය උඩට එනවා කියලා. ඒ ිසා අද තියෙන්නෙ නීතිය, ව්‍යවස්ථාව පිළිබද ප්‍රශ්නයට වඩා දේශපාලන ප්‍රශ්නයක් කරළියට ඇවිත් තිබෙනවා. ඒ නිසා 14 වැනිදා දිනය ඉතාමත් තීරණාත්මක දිනයක් බවට පරිවර්තනය විය යුතුව තිබුණා. මොකද, අනිවාර්යයනේම 14 වැනිදා මේ කුමන්ත්‍රණය පරාජය කිරීමට පියවර ගත්තෙ නැත්නම් රාත්‍රි 12.00ට ඊළ ගැසට් පත්‍රෙයන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනවා. ඒක අපි දන්නවා.

ගරු කථානායකතුමනි,

දේශපාලනය, ව්‍යවස්ථා මේ සියල්ලම කුමන්ත්‍රණය වෙනුවෙන් උපයෝගි කරගෙන තිබෙනවා. ඒ නිසා ඒ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සදහා ධෛර්ය සපයන කුමන්ත්‍රණය පරාජයට පත්කිරීම සදහා පෙනී සිටින අය ඒ අවස්ථාව උපයෝගි කරගත යුතුයි ඒ බරින්ම. කුමන්ත්‍රණකරුවන්ට ව්‍යවාස්ථා, නීති රීති අස්සෙ රිංගන්න පුලුවන් නම් කුමන්ත්‍රණය පරාජයට පත්කරන්නන්ගෙන් තවත් සදාචාරය බලාපොරොත්තු වෙන්නත් එපා කියලා මං සභාවට කියනවා. කුමන්ත්‍රණය අශිෂ්ට නම් ඒකට එරෙහි සටනේ ශිෂ්ටත්වයේ සීමා මායිම් හොයන්න එපා කියලා මම ජනාධිපතිවරයට කියන්නෙ. මේක අතහරින්න ඕන ජනාධිපතිවරයා. මේ කුමන්ත්‍රණය අශිෂ්ටයි, මේ කුමන්ත්‍රණය සදාචාර විරෝධීයි මේ කුමන්ත්‍රණය ජනතා විරෝධීයි, මේ කුමන්ත්‍රණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පටහැනියි. මේ කුමන්ත්‍රණය ජනාධිපතිවරයා බැදී තිබෙන ව්‍යවස්ථාවට පටහැනියි.

ඒ නිසා ගරු කථානායකතුමනි,

එවැනි කුමන්ත්‍රණයක් කරලා ජනාධිපතිවරයා ඊට පස්සෙ කුමන්ත්‍රණය පරාජයට පත් කිරිමෙදි ශිෂ්ටත්වයෙ හිල් හොයනවා. ජනාධිපතවරයට අයිතියක් නෑ මේ රටේ ශිෂ්ටත්වය හොයන්න තවදුරටත්. ඒ නිසා කථානායකතුමනි පාර්ලිමේන්තුවෙදි 14 වැනිදා මේ කුමන්ත්‍රණය පරාජයට පත් කළ යුතුව තිබුණා. අපි හැම වෙලාවෙම ව්‍යවස්ථාව හා නීති රීති උපයෝගි කරගනු ලැබුවා. “

එසේම පාර්ලිමේන්තුව සියලු ප්‍රශ්නවලට විසදුම් දෙන බවට පක්ෂයක් ලෙස තමන් විශ්වාස නොකරන නමුත් එවැනි මිත්‍යාවක් ප්‍රකාශයට පත් කළ අය විසින්ම පාර්ලිමේන්තුවේ සත්‍ය ස්වභාවය හෙළිදරව් කළ බවද ජ.වි.පෙ. නායකයා පැවසීය.

කෙසේවෙතත්, අශිෂ්ඨ දේශපාලන කුමන්ත්‍රණයකට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ශිෂ්ටත්වයක් අපේක්ෂා නොකළ යුතු බවට ජ.වි.පෙ. නායකයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන්ගේ හා විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත.