தமிழ்
English
Contact
Friday 14th May 2021    
අසාර්ථක නෑ! ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අසාර්ථක නෑ! ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්!



දින කිහිපයකට පෙර ප්‍රචාරය කෙරුණු ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීම අද රාත්‍රි 8.30ට සියලු විද්‍යුත් මාධ්‍ය හරහා විසුරුවා හැරීමට නියමිතය.

2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයෙන් පසු ලංකාවේ 7වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වූ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ වසරක් තුළ වෙනත් ජනාධිපතිවරුන්ට වඩා සාර්ථක ලක්ෂන මෙන්ම අසාර්ථක ලක්ෂණද පෙන්වා ඇති බවට බවට දේශපාලන අංශවල අවධානයට ලක්ව ඇත. කෙසේ වෙතත් කොරෝනා වසංගතය වැළැක්වීමේ ක්‍රියාදාමය හමුවේ ජනාධිපතිවරයාගෙන් අපේක්ෂිත නායකත්වය නොලැබුණු බව හුවා දක්වමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ අසාර්ථකභාවය සම්බන්ධ සංවාදයක් ආරම්භ විය.

සිය ධුර කාලයට වසරක් පිරීම නිමිත්තෙන් සහ විවේචනවලට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදුකරන බවට අනුමාන කෙරේ.