தமிழ்
English
Contact
Thursday 12th December 2019    
අසාර්ථක නොවී ජනාධිපති තරඟයට ඉදිරිපත් වෙනවා - සජිත් ප්‍රේමදාස | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අසාර්ථක නොවී ජනාධිපති තරඟයට ඉදිරිපත් වෙනවා – සජිත් ප්‍රේමදාස



තමන් අසාර්ථකත්වයට පත්නොවී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් ඒ සඳහා රටේ ජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදස අනුරාධපුර, තිරප්පනේ පැවති උත්සවයකදී පවසා තිබේ.

තිරප්පනේ ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් පසු පැවති උත්සවයකට එක් වෙමින් ඔහු පවසා තිබුනේ “රණවිරු ගම්මානවල ඉඩම් අපි ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. තිස් වසරක යුද්ධය ජයග්‍රහනය කරපු රණවිරුවා සුරකින්නේ වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාසයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මම ඉදිරිපත් වෙනවා. මම කියනවා ඔබතුමන්ලාට මට දෙන්න ජනාධිපති හැන්ද මම අනිවාර්යෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවත්, රටේ ජනතාවත් දිවි හිමියෙන්ම සජිත් ප්‍රේමදාස රකිනවයි කියලා මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා.”