Posted on 11.16.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා ගෙන සිටින තරුණ කවියෙකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව නඩුව නොවැම්බර් 15 වැනි සදුදා පුත්තලම මහා අධිකරණයේදී විභාග කර තිබේ.
කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත් අඩංගුවට ගෙන දහ අට මාසයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද
ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කරගෙන අධිචෝදනා ගොනු කොට තිබේ.
අහ්නාෆ් ජසීම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් JDS වෙබ් අඩවිය සමග පවසා ඇත්තේ, සිය සේවාදායකයාට එරෙහිව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය චෝදනා ගොනුකර තිබෙන්නේ කුමන්ත්රණකාරිව බවයි.
නීතිඥවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ ත්‍රස්ත මර්දන කොට්ඨාශය අදාළ වගකිව යුතු පාර්ශ්ව සමග එකතු වී අධිචෝදනා ගොනු කර ඇත්තේ සැකකරු ලෙස නම් කර සිටින අහ්නාෆ්ටවත්, ඔහුගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන තමාටවත් දැනුම් දීමෙන් තොරව බවයි.
නීතිඥවරුන් පවසන ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව අහ්නාෆ් ජසීම්ට එරෙහිව පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් මස 10 වැනිදා ය. එසේ අධිචෝදනා ගොනුකර ඇති බවට නීතිඥ සංජය විල්සන් ජයසේකර ප්රමුඛ නීතිඥ කණ්ඩායම විසින් දැන ගන්නේ එයින් මාසයක් පමණ ඉක්ම ගිය පසු නොවැම්බර් 5 වැනිදා ය. ඒ පෙර සඳහනක් කළ පරිදි මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට ගිය අවස්ථාවේදි ය.