Posted on 12.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අන්තවාදය ප්‍රචාරය කරන බවට අසත්‍ය චෝදනා මත සිරගත කළ ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්, අද දින ඇප කොන්දේසි මැද ඇප ලබා අධිකරණ භාරයෙන් නිදහස් කෙරිණි.
මාස 19ක කාලයක් අයුක්ති සහගත කොන්දේසි මත සිරගත කරමින් අයුක්ති සහගත දණ්ඩනයකට පත්ව සිටි අහ්නාෆ් අවුරුදු 27ක තරුණයෙකි.
ඔහුට විරුද්ධව පොලිසිය විසින් ගෙන ආ චෝදනා සනාථ කළ හැකි සාක්ෂි නොමැති නිසා ඔහුගෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට හා ඔව්න්ගේ මව්පියන්ට බලපෑම් කරමින් පොලිසිය සාක්ෂි ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වී ඇත.
රාමලිංගම් රන්ජන්, සංජය විල්සන් ජයසේකර, නුහ්මාන් , ස්වස්තික අරුලිංගම්, එස්. දේව් දේවපාලන්, ඒ. සජ්ජත් යන නීතිඥවරු කණ්ඩායමක් මෙම කවියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ.
