தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මර්තුවට කල්යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මර්තුවට කල්යයි



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග බොහෝ දුරට 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසයි. විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත්, එය තවදුරටත් කල් දැමීමට අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වුවහොත් මාස 03ක කාලයක් තුලදී එනම් ජුනි මාසය වන විට විභාග ප්‍රථිපල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අමාත්‍ය ජී. එල්. පීරිස් වැඩිදුරටත් කියා සිටියේ ජූලි මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.මේ අතර, මෑතකදී පැවැත්වූ අ.පො.ස. උසස් පෙළ විභාගවල ප්‍රථිපල මාස හතරකින් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසා සිටියි.

විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගවල පිළිතුරු පිටපත් සලකුණු කිරීම ආරම්භ කර ඇති අතර 2021 මාර්තු වන විට ප්‍රථිපල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.