Posted on 08.06.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා දැක්වූ වරදට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
රත්මලාන, සිරස Stein මැදිරියේ පැවති ‘මාවත’ වැඩසටහනට සහභාගිව පිටත්ව යමින් සිටියදී, අද(6) අලුයමදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා ඇති ආකාරයට ඔවුන්ට විරුද්ධව ඇති චෝදනාව වන්නේ ජූලි 3වැනිදා පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක් පවත්වා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතළ තුවාල සිදු කිරීම, මිනී පෙට්ටියක් පුළුස්සා මාර්ගයට හානි කිරීම, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම යන කරුණුය.
මේ අතර ඊයේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැහැර ගෙන යාමට ලක් වූ අමිල සන්දීප පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිලිගෙන ඇත. මෙම දෙදෙනාට අමතරව, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෑන් රථවලින් කොළඹට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් පිරිස් ප්‍රවාහනය කළ වෑන් රථ 3 ද පොලිස් භාරයට භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. අත්අඩංගුවට ගත් පස්දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජූලි වැනිදා විරෝධතාවට සහබාගි වී ස්ථානයෙන් පිටව යමින් සිටියදී පෙ.ස.ප. දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත හා සිසු ජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි අත්අඩංගුව ගන්නා ලද අතර, ඔවුන් අගෝස්තු 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.