தமிழ்
English
Contact
Monday 26th October 2020    
ආකල්ප වෙනසක් සමඟ සංවර්ධන පෙරළියකට සූදානම් විය යුතුයි - ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආකල්ප වෙනසක් සමඟ සංවර්ධන පෙරළියකට සූදානම් විය යුතුයි – ගෝඨාභය රාජපක්ෂ



වැඩ ආරම්භ කර ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළයුතු අතර ආකල්පමය වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සුදානම් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

තම නිරීක්ෂණයට අනුව රටේ ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම කණගාටුවට කරුණක් බවයි.

කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් සුපුරැදු ලෙස එකම මට්ටමක තිබීම ඊට නිදසුනක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.