தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ආගමික සංචාරයේ ගිය ලාංකිකයන් 53ක් ඊශ්‍රායලයෙන් නෙරපයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආගමික සංචාරයේ ගිය ලාංකිකයන් 53ක් ඊශ්‍රායලයෙන් නෙරපයි!



ඊශ්‍රායලයේ ආගමික සංචාරයක යෙදී සිටි ශ්‍රී ලාංකිකයන් 52ක පිරිසක් එරට ක්‍රියාත්මක ඔත්තුසේවා මැදිහත්වීමෙන් නැවත මෙරටට පිටුවහල් කර ඇත.

මොවුන් ජෙරුසෙලම , නාසරෙත් ඇතුළු ඊශ්‍රායලයේ ජේසු උපත සිදුවූ ස්ථාන නැරඹීම සහ වන්දනා කිරීම සදහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය කතෝලික බැතිමතුන් පිරිසක් සම්බන්ධයෙන් එරට ඔත්තු සේවා තොරතුරු මත මෙසේ මෙම පිරිස පිටුවහල් කළ බව ඊශ්‍රායල් බලධාරිහු පවසති.

ඊශ්‍රායලයේ ආගමන – විගමන නීති සහ රෙගුලාසි මත මෙම පිරිස මෙසේ පිටුවහල් කළ බව එරට රජය දන්වා එවා ඇති නමුත් මෙම පිරිස නීත්‍යානුකූලව මෙම පිරිස ඊශ්‍රායලයේ සංචාරය සදහා ගොස් ඇත.  කෙසේවෙතත්, මෙම පිරිස අතුරින් 43ක් පෙබරවාරි 21 සවස 6.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරණ ගුවන් යානයෙන් පිටමන්කර ඇත. තවත් පිරිසක් ඊයේ(21) අලුයම 3.45 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 283 දරණ ගුවන් යානයෙන් 10 දෙනෙකු ද මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබුණි. තවත් 18 දෙනෙකු 21 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත එසේ පිටුවහල් කර එවන බවට ඊශ්‍රායල රජය විසින් දන්වා එවා තිබේ .

 මේ සියලු දෙනා කුළියාපිටිය, වෙන්නප්පුව, මීරිගම ආදී ප්‍රදේශ වල පදිංචි සිංහල ජාතිකයන් වන අතර, මෙයින් 49 ක් පිරිමි ද , 04 ක් කාන්තාවෝ ද වෙති.