தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ආණ්ඩුවට මුදල් නැති වෙලාවෙ මැණික හමුවීමත් වාසනාවක්! - ලොහාන් රත්වත්තේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුවට මුදල් නැති වෙලාවෙ මැණික හමුවීමත් වාසනාවක්! – ලොහාන් රත්වත්තේ



රටේ මුදල් ප්‍රශ්නයක් පවතින මොහොතක අධික වටිනාකමක් ඇති මැණිකක් හමුවීම වාසනාවක් බව පවසමින් අයිතිකරුගේද කැමැත්ත අනුව මෙය හැකි ඉක්මනින්ම විකුණා ගැනීමට කටයුතු කරන බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ පවසයි.

රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ මෙම මැනික මෙය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් පොකුර ලෙස සැළකෙන අතර, එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට තීරණයකර ඇත.

රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වූවකි. නොවැම්බර් මාසයේදී චීනයේ පැවැත්වෙන මැණික් වෙන්දේසිය අවස්ථාවේදී මෙම මැණික් පාෂාණය ඉහළම මිලකට වෙන්දේසි කිරීමට හැකි බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා පවසා ඇත්තේ මැණික අලෙවි කරන මුදලින් 10% රජයට ආදායම් ලෙස හිමි වන බවය.