தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ආණ්ඩුවෙන් අලුත් ගැටයක් - කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලය UGC යටතට පවරන බව කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුවෙන් අලුත් ගැටයක් – කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලය UGC යටතට පවරන බව කියයි



විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබේ.

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

කොවිඩ් මර්දනයට එන්නත්කරණය ඇතුළු රජය ගෙනයන වැඩපිළිවෙල සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් දැනුවත් කර සිටි අවස්ථාවේදි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත යටතට පෞද්ගලික විශ්ව විද්‍යාල පැවරීමේ හැකියාවක් නැත. ජනාධිපතිවරයා සැරසෙන්නේ මෙම පනත සංශෝධනය කර කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාලය ඒ යටතට ගැනීමටයි. ශිෂ්‍ය සංවිධාන, කම්කරු ව්‍යාපාර සහ වමේ දේශපාලන පක්ෂ පවසමින් සිටින්නේ කොතලාවල පනත හරහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා සමාන බලතල සහිත මිලිටරි ව්‍යුහයක් නිර්මාණය කරමින් ආණ්ඩුව පෞද්ගලික විශ්ව විද්‍යාල සහ පාසල් ආරම්භ කිරීමට සැරසෙන බවයි. වෙනම ව්‍යුහයක් නිර්මාණය නොකර ජනාධිපතිවරයා පවසන ආකාරයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත සංශෝධනය කර ඒ යටතට පෞද්ගලික විශ්ව විද්‍යාල පැවරීම යනු අධ්‍යාපන පෞද්ගලිකරණය වෙනත් මුහුණුවරකින් පැමිණීමයි.