Posted on 07.26.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගෝල්ෆේස් අරගලයේ යෙදුන ක්‍රියාකාරිකයකු මෙන්ම පසුගියදා රූපවාහිනි සංස්ථාව වෙත ගොස් අරගලයේ පුවත් වාර්තා කරන ලෙස බලපෑම් සහගත ප්‍රකාශයක් කළ ධනිශ් අලි ගුවන්යානයක සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ අද සවස ඩුබායි බලා යන ගුවන් යානයකදීය. ධනිෂ් අලි මෙම අත්අඩංගුවට ගැනීම සිය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද විදේශ ගමන් වාරණයක් හෝ අධිකරණ නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගැනීමක් සිදුකළ හැකිදැයි ප්‍රශ්න කර ඇත. එහිදී ගුවන් මගීණ් විසින්ද අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ බව කියාගත් නිලධාරින්ට මෙම අනීතික පියවර සම්බන්ධ සිය අප්‍රසාදය පළකර ගුවන් මගියකු මේ ආකාරයට පැහැරගෙන යාම අනුමත නොකරන බව පෙන්වා දී ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම ප්‍රචාරය කරන ලද අතර අරගලකරුවන් මර්දනය ආණ්ඩුව විසින් ක්‍රමානුකූලව ව්‍යාප්ත කරමින් සිටින බවට මෙම සිදුවීම නිදසුනක් බව අරගලයේ ක්‍රියාකාරිහු චෝදනා කරති.