Posted on 05.24.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
(TopNews) 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් රටේ පොදු එකඟතාවයක් පවතින මොහොතක ආන්ඩුව විසින් ඊනියා සටකපට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමෙන් රටේ ජනතාවගේ ප්‍රාර්ථනා ඉටු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
නීතිඥ සංගමයේ යෝජනා ඇතුළත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවට පොරොන්දු වු රජය, මේ වන විට එයින් සම්පූර්ණයෙන්ම බැහැරව කටයුතු කරන බවත්, ආණ්ඩුව විසින් සිදුකරන මෙම ප්‍රෝඩාකාරී සහ රැවටිලිකාරී කටයුතු වහා නවතා දමා ජනතා අභිමතය මත කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් දහනව වන සංශෝධනය වඩා ශක්තිමත් ලෙස ගෙන එමින් ප්රජාතන්ත්රවාදී ජයග්‍රහණ සියල්ල සහතික කිරීම ආණ්ඩුව නොවළහා කළ යුතු බවත්, එසේ නොමැතිව රැවටිලිකාර සටකපට විසි එක් වන සංශෝධනයක් ගෙන ඒමෙන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.