Posted on 09.15.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් පොරොන්දු කඩකරමින් සිටියදී රැකියා ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන් හෙට (16) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇත. උපාධිධාරී රැකියා ගැටලුව සම්බන්ධයෙන් 2014 වසරේ සිට ගෙනගිය අඛණ්ඩ අරගලය තුළ ලබාගත් ජයග්‍රහණ හමුවේ තවදුරටත් උපාධිධාරින් විරැකියාවේ තැබීමට එරෙහි අරගලය අවුලුවන බව එම සංගමය පවසයි. විශේෂයෙන් ආණ්ඩුව විසින් ප්‍රකාශිත පුරප්පාඩු 35000ක් පමණ තිබියදී රැකියා ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර දේශපාලන පත්වීම් ලබාදීමේ පියවරද ගනිමින් සිටී. එසේම ආණ්ඩුවට පක්ෂපාති පිරිසක් හෙට දින විරෝධතාව පැවැත්වෙන්නේ නැති බවට ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යමින් තිබෙන බවද එහෙත් යොදොගත් විරෝධතාව නිශ්චිතවම පැවැත්වෙන බවද ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය පවසයි.