தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
ආණ්ඩුවේ තෙල් මිල සමඟ අයි.ඕ.සී තෙල් මිලත් ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුවේ තෙල් මිල සමඟ අයි.ඕ.සී තෙල් මිලත් ඉහළට



ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධන කර ඇත. මෙම සංශෝධනයත් සමඟ අයි.ඕ.සී තෙල් මිල ගණන්ද ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් තුනකින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් පහකින්ද ද ඉහළ දමා තිබේ.

ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් ඉහළ දමා ඇත.

පසුගිය මාසයේ ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමීමක් නොකරන ලද අතර එයට හේතුව වශයෙන් ප්‍රකාශ කළේ උත්සව සමය බැවින් එවැනි ඉහළ දැමීමක් නොකරන බවයි.