தமிழ்
English
Contact
Friday 25th September 2020    
ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන් පොලිසිය අධිකරණට වැරදි තොරතුරු ඉදිරිපත් කරලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන් පොලිසිය අධිකරණට වැරදි තොරතුරු ඉදිරිපත් කරලා



කොළඹ, කොල්ලුපිටියේ පිහිටි අමෙරිකා ඒක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට සංවිධානය කළ උද්ඝෝෂණයේදී ආණ්ඩුවේ අරමුණු වෙනුවෙන් පොලිසිය විසින් අධිකරණයට වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් නීතිය ඉක්මවා වැඩකළ බව සනාථ වී ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයට ඊයේ ඒල්ල කරන ලද ම්ලේච්ඡ ‌පොලිස් ප්‍රහාරය හා අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ විරෝධය පළකරමින් මාධ්‍ය හමුවේදී ඒ් බව පවසන ලදී.
‘ලංකා ‌වෙළෙඳ කාර්මික හා ‌පොදු ‌සේවා සංගම්’ කාර්යාලයේදී වෘත්තීය සමිති, ‌දේශපාලන පක්ෂ සහ සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ ඒම මාධ්‍ය හමුවේදී දක්වන අදහස් සාරාංශයක් පහත සටහන් වේ.

ආණ්ඩුවෙ අරමුණ ඉටුකරන්න පොලිසිය විරෝධතාව සම්බන්ධයෙන්, අධිකරණයට වැරදි තොරතුරු ඉදිරිපත් කළා

– පුබුදු ජයගොඩ

කලු අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් අමෙරිකාවේ මිනියපොලිස් පොලිසියේ නිලධාරින් විසින් ගෙල සිරකර මරාදැමීමට ඒරෙහිව ඒරට ජනයා ගෙන ගිය විරෝධතාවලට ලොව පුරා වාමාංශිකයන්, ප්‍රගතිශීලින්, ප්‍රජාතන්ත්‍රවාදය අගයකරනවුන් හා ජනතාව සහයෝගය පළකළා. ඒම ලෝක ව්‍යාප්ත විරෝධයට සඳහා සහාය පළකරන විරෝධතාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළේ ලංකාවේ සියලු දෙනා නියෝජනය කරන සංකේතික විරෝධතාවක් ලෙසය. ඒම විරෝධතාව වසංගත අවදානම වළක්වන සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් පැවැත්වීමට සියලු සංවිධාන කටයුතු කර තිබියදී ඒහි පැමිණී පොලිස් ප්‍රධානින් ඇතුළු පොලිස් කැරලි මර්දකයන් විසින් සියලු නිරෝධායන පිළිවෙත් කඩකළා පමණක් නොව, විරෝධතාකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩකරනු ලැබීය. ම්ලේච්ඡ ලෙස පහර දෙමින් සහෝදර සහෝදරියන් 53 දෙනකු අත්අඩංගුවට ගත් අතර පොලිසිය අධිකරණයට ඒ්ත්තු ගැන්වීමට උත්සාහ කළේ විරෝධතාකරුවන් විසින් නිරෝධායන රෙගුලාසි කඩකර ඇති බවයි. ඒ් සමගම විරෝධතාවට පැමිණි අය විසින් මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය කඩකළ බවක් කරුණු සහිතව අධිකරණයට ඒ්ත්තු ගන්වන්න පොලිසිය අසමත් වුණා. අප විසින් ලිප්ටන් වටරවුමට ඇවිත්, විෂබීජ නාශක භාවිත කරමින් සමාජ දුරස්තභාවය, මීටරයක පරතරයෙන් සහ මුඛ ආවරණ සහිතව විරෝධතාකරුවන් රැඳී සිටි අවස්ථාවෙ තමයි ඒතැනට පොලිසිය කඩා පැන්නෙ. පොලිසිය කඩාපැනලා විරෝධතාකරුවන් ඒකතැනකට තල්ලුකරලා ඒක ගොඩේ ගෙන යමින් සහ ඒකම කූඩුවක ගාල්කරමින් නිරෝධායන සෞඛ්‍ය රෙගුලාසි කඩ කළේ. කිසිදු සෞඛ්‍යාරක්ෂක මෙවලම් නැතිව උද්ඝෝෂකයන් බදාගෙන ඇදගෙන ගියේ සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධව කිසිදු සැළකිල්ලක් නොමැතිව.
විරෝධතාකරුවන් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරද්දි අනාවරණය වූ කාරණය තමයි අධිකරණ නියෝගය ලබාගනිද්දි පොලිසිය අධිකරණයට වැරදි තොරතුරු ඉදිරිපත්කරලා අධිකරණය නොමග යවමින් මෙම නියෝගය ලබාගෙන තිබෙන බව. ඒ් විතරක් නෙවෙයි, පොලිසිය විසින් අධිකරණ නියෝගය අපහරණ කරමින් ඒම අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ සීමාවෙන් ඔබ්බට කටයුතු කළ බව. විශේෂයෙන්ම, තානාපති කාර්යාලයට දුරින් කොල්ලුපිටියෙදිත්, ලිප්ටන් වටරවුමෙදිත් අත්අඩංගුවට ගත් සහෝදර සහෝදරියන් අධිකරණ නියෝගය කඩකළ බවට සනාථ කරන්න කිසිදු හේතුවක්, සාක්ෂියක් පොලිසියට තිබුණේ නෑ.
මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ් වගේම ආණ්ඩුව විසින් ගෙනයන මේ මර්දනකාරී තත්වයට ඒරෙහිව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන, දේශපාලන නිදහස, මූලික අයිතිවාසිකම් කරුකරන සියලු දෙනා සමග ඒක්ව සටන් කිරීමට අපි පක්ෂයක් ලෙස සූදානම්.

ආණඩුව විසින් නිර්ලජ්ජිත ලෙස වසංගත තත්ත්වය දේශපාලන අරමුණකට යොදාගන්නවා

– කථිකාචාර්ය නිර්මාල් දේවසිරි

ආණ්ඩුව මේ වසංගත තත්වය තමන්ට වාසිදායක දිශාවකට මෙහෙයවමින් තිබෙන බව පැහැදිලියි.
නිරෝධායන ක්‍රියාවලිය පවා අවභාවිත කරමින් ආණ්ඩුව සැලසුම් සහගතව කටයුතු කළා. මෙම දේශපාලන විරෝධතාවට වාරණ නියෝගයක් ගැනීම, ඒම විරෝධතාවයෙදි පහරදී අත්අඩංගුවට ගැනීම වගේම ඒම ක්‍රියාව සාධාරණිකකරණය යන සියලු තත්වය තුළ ඒය වඩා පැහැදිලිව පෙනෙනවා.
වසංගතය පැමිණ තිබියදී මැතිවරණය කැඳවීමට පාර්ලිමේන්තුව විසුරුවා නොහැර ඉන්න තිබුණත් ඒහෙම කළේ නෑ. ඒයින් පසුව වසංගතය ව්‍යාප්තවීමට හේතු වියහැකි තත්වයන් වළක්වන්න ගතහැකිව තිබුණු හෙඳම පියවර නොගෙනයි මැතිවරණය අරමුණු කරගෙන කටයුතු කළේ. රාජකීය-සාන්ත තෝමස් ක්‍රිකට් තතරගයේ සිට මෑතක තොණ්ඩමන් අවමංගල්‍ය දක්වා නිරෝධායන ක්‍රියාදාමයට වඩා වාසිදායක දේශපාලන නැඹුරුවකින් ආණ්ඩුව පියවර ගත් බව පෙනෙන්නට තිබෙනවා. ඇස් ඉදිරියේ නිරෝධායන නීති අවභාවිත කළ ආකාරය පැහැදිලියි. නිරෝධායන නීති අනව පැවැත්වීමට සූදානම් වූ උද්ඝෝෂණයකදි ආණ්ඩුව විසින් මෙම මැඩපැවැත්වීමේ පියවර සාධාරණිකකරණය කරන්න කිසිදු කාරණයක් නෑ. ඒහෙම කරන්න තරම්, තමන් සාධාරණ බවට සාධාරණ පූර්වාදර්ශ ආණ්ඩුව විසින් ලබා දීලා නෑ.
ඉදිරියෙදි ඇති විය හැකි දේශපාලන අභියෝගයන්වලදි ගන්න නියමිත මර්දනකාරි පියවරවලට පෙරහුරුවක් ලෙස මේ සිදුවීම හඳුන්වා දිය හැකියි. දේශපාලන න්‍යායපත්‍රයක් අනුව පැහැදිලි ලෙස තෝරාගත් ඉලක්කවලට පහර දෙමින් කටයුතු කරන තත්වය ඒළිදරව් කරමින් විරෝධය දැක්වීම අප විසින් කළ යුතුව තිබෙනවා.

—————————-
මේ ජඩ පහරදීමට එරෙහිව මෙරට හා ජාත්‍යන්තර සංවිධාන සමග කටයුතු කරනවා

– සිල්වෙස්ටර් ජයකොඩි, ප්‍රධාන ලේකම් – ලංකා වෙළඳ කාර්මික පොදු කම්කරු සංගමය

සාමකාමී ලෙස නිරෝධායන පිළිවෙත් අනුගමනය කරමින් සෞඛ්‍ය උපදෙස් අනුව පැවැත්වූ විරෝධතාවකට ඉතාමත් ජඩ ආකාරයේ පොලිස් පහරදීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපේ බලවත් විරෝධය පළකරනවා. ඒ් ව‌ේම මේ සිදුවීම සම්බන්ධයෙන් අප හා සම්බන්ධ සියලුම ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කරමින් මෙම තත්වය හෙළිදරව් කිරීමට කටයුතු කරනවා. ඉදිරි කාලය තුළ අනෙකුත් වෘත්තිය සමිති සමඟ ඒක්ව මෙම අමනෝඥ ක්‍රියාවට විරෝධය දක්වන්නට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.

———————–

සියලු ප්‍රගතිශීලින් සාමුහිකව මේ මර්දනයට එරෙහි විය යුතුයි

– මහින්ද දේවගේ සහෝදරයා – ලේකම් – ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය

මෙවැනි කුරිරු ප්‍රහාර ඉතිහාසයෙදි මතු වී තිබුණෙ සිවිල් ගැටුමක් අවස්ථාවක පමණයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදරවරු ගෙන ගිය විරෝධතාවට මේ ආකාරයෙන් පහරදීම සිදුවන්නේ මර්දනකාරි පාලනයක් ඉල්ලා සිටින සමාජයක් තුළ. පසුගිය කාලයේ ජනතා බලවේග විවිධ තත්වයන් තුළ ආණ්ඩුවට විරෝධය පළ කරමින් තිබුණා. මේ ප්‍රහාරය විසින් අනතුරු අඟවා තිබෙන්නෙ විරුද්ධ ක්‍රියාදාමයන් සියල්ලටම මේ පිළිතුර ලබා දෙන බවයි. පසුගිය සති ගණනාවක් ඇතුළේ සමාජ පීඩාව නිසා විවිධ ජනතා කොටස් ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටියාත ඒවැනි තත්වයන්ට පවා මෙම ප්‍රහාරයේ තර්ජනය බලපානවා. කුමාර් ගුණරත්නම් සහෝදරයා මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් සිටියදී ‌හොයාගන්න බැරි ගරිල්ලා නායකයෙන් අත්අඩංගුවට ගන්න ආකාරයෙන් පැනලා අල්ලාගෙන ගියා. කිසිදු සදාචාරත්මක බවක් නැති වියරු ස්වභාවයක් ඒහි ඇති බව දක්නට ලැබුණා. ඉදිරියේ පාර්ලිමේන්තු බලයක් අරගෙන ව්‍යවස්ථානුකූල ඒ්කාධිපතිත්වයක් පිහිටුවීමේ අත්තිවාරම දමමින් තිබෙන බව පැහැදිලියි. මේ තත්වයට ඒරෙහිව, වාමාංශික, ප්‍රගතිශීලි කොටස් වැඩකරන ජනතාව සමග පළල් උද්ඝෝෂණයකට යා යුතුව තිබෙනවා.