தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ආණ්ඩුවේ පක්ෂ එකඟතාවක් නැතිව, අගමැතිගේ සාකච්ඡාව අවසන් වෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුවේ පක්ෂ එකඟතාවක් නැතිව, අගමැතිගේ සාකච්ඡාව අවසන් වෙයි!



ආණ්ඩුවේ පක්ෂ නායකයන් විසින් කෙරවලපිටිය විදුලි බලාගාරය අමෙරිකන් සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ සමග අද(23) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය .

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් 40%ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහායක පක්ෂවල විරෝධය පළ විය. මේ නිසා අගමැති සමග ඊයේ පැවැත්වීමට නියමිත වූ සාකච්ඡාව අද දිනයට කල් දමා තිබිණි. අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන් අතර අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාව කිසිදු විස්‍ඳුමකින් තොරව අවසන් විය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද , ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, සාගර කාරියවසම්, වීරසුමන වීරසිංහ ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වූහ.

ඉදිරියේදී මෙ කරුණ සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වේද යන්න කෙරෙහි විශ්වාසයක්ද නොමැති බව මෙම සාකච්ඡාවට සහභාගි වූ ඇතැම් ඇමතිවරු පවසා ඇත. තමන් වෙත නොපෙන්වා ගිවිසුමක්ද අත්සන් කර ඇති තත්වයක් තුළ ආණ්ඩුව හිතුමතේ ගමනක් යන බව ඔවුහු මාධ්‍යවේදින්ට පවසා ඇත.