Posted on 01.26.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉන්දියාවෙන් ගෙන්වන එන්නත් තොගයක් පිළිබඳ ආණ්ඩුවේ නායකයන් විවිධ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළද ඉන් සහනයක් වනු ඇත්තේ මෙරට ජනගහණයෙන් ලක්ෂ දෙකහමාරකට එනම්, 0.01%ට පමණකි.
ජනවාරි 27 වැනිදා එනම් හෙට, ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (Oxford-Astra Zeneca) එන්නත් 600,000 ක් ඉන්දියාවෙන් ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළද එම එන්නත් තොගය ලැබීම දිනයක් දෙකක් ප්රමාදවන්නට නියමිත බව අපගේ ආරංචිමාර්ග පවසයි.
ආණ්ඩුව මුලදී එන්නත් ලක්ෂ 6ක් ඉන්දියාවෙන් ලැබෙනබව පැවසුවද ගෙන්වන්නට නියමිත වන්නේ ලක්ෂ 5ක් පමණකි. සාමාන්‍යයෙන් මෙරටට ගෙන්වන එන්නත් සංක්‍යාව කුමක් වුවද ඒවා භාවතයට ගැනීමේදී සිදුවන හානි හා වෙනත් ගැටලු නිසා සම්පූරන තොගයෙන් යම් ප්‍රතිශතයක් භාවිතයට ගැනීමට නොහැකි වන බව පෙන්වා දෙන වෛද්‍ය ක්ෂේත්රයේ විද්වතුන් ඉන්දියාවෙන් ගෙන්වන එන්නත් මාත්‍රා දෙකකින් ලබාදීම නිසා ඇත්ත වහයෙන්ම එම ප්‍රතිශක්තිකරණය හිමිවන්නේ පුරවැසියන් දෙලක්ෂ පනස්දහසකට අඩු පිරිසකට බව පවසා ඇත.
බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දුන්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ඇසුරින් ඉන්දියාවේ පිහිටි Serum Institute of Indiaහි නිෂ්පාදිත මෙම කොරෝනා ප්‍රතිරෝධි එන්නත් ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.
ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම තවත් විවිධ ඇමතිවරු එන්නත් ගෙන්වන බව පැවසුවද ලැබෙමින් පවතින්නේ කිසිසේත්ම අවශ්‍යතාවට ගැලපෙන ඉල්ලුමක් හෝ ඇණවුමක් කිරීමෙන් පසු ලැබෙන එන්නත් ප්‍රමාණය නොවේ. ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත අවම පහසුකම් මැද ප්‍රවාහනය හා ගබඩා කිරීම හැකිවන නිසා මේ වනවිට විවිධ රටවල ඇණවුම් ලැබෙමින් තිබේ.
නමුත් ලංකාවේ ආණ්ඩුව මුදල් ගෙවා සෞඛ්‍ය සේවා කාර්ය මන්ඩලයට හෝ ආරක්ෂක අංශවලට පළමු ප්‍රමුඛතාව දෙමින් එන්නත් ලබාගැනීමට කිසිදු ඉල්ලීමක් හෝ නිල ඇණවුම් කිරීමක් සිදුකර නැත. ඉන්දිය රජය විසින් ලංකාව අසල්වැසි රාජ්‍යයක් ලෙස සළකමින් එසේම ඉන්දිය විදේශ පිලිවෙතේ වාසිදායක අරමුණු මත එවන එන්නත් ලක්ෂ 6ක් හැර මුදල් ගෙවමින් එම එන්නත ඇණවුම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැත.