Posted on 09.12.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වී මිලදී ගැනීමේදී ආණ්ඩුව නියම කළ රු. 50 සහතික මිලෙන් කිසිදු වාසියක් ගොවි ජනතාවට නොමැති බව පොලොන්නරුවේදී ගොවීන් විසින් චෝදනා කර ඇත.
පොළොන්නරුව දිස්ත්රික්කයේ සංචාරයක යෙදුණු ඇමති නාමල් රාජපක්ෂ හමු වූ ගොවි නියෝජිතයන් වී කිලෝවක රජයේ සහතික මිල වැඩිකරන ලෙස ඉල්ලමින් ඇමැතිවරයාට ලිපියක් බාර දී ඇත. රජය වී කිලෝවක සහතික මිල රුපියල් 50 ක් දක්වා වැඩිකර ඇති බව ඇමැතිවරයා එහිදී පැවසූ විට එම මිල කිසිසේත්ම ප්රමාණවත් නොවන බව කී ගොවි නියෝජිතයෝ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 65 ක් සහ කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 75 ක මිලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහ.
ඔවුන් පෙන්වා දුන්නේ සහල් මෝල් හිමියන් වී කිලෝව රුපියල් 60 බැගින් මිලදී ගනිමින් සිටියදී ආණ්ඩුවේ පාරිභෝගික අධිකාරියේ නිලධාරින්න් සහල් මෝල් වැටලීම නිසා ඔවුන් දැන් එම මිලට වී නොගන්නා බවය.