Posted on 06.03.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහබැංකුව යටතේ පවත්වාගෙන යන මුල්‍ය ආයතන කඩාවැටීම නිසා ආණ්ඩුවට වට ජනතාවගෙන් දොස් අහන්නට සිදුවන බවත් ‘ද ෆිනෑන්ස්’ කඩාවැටීමට වගකිව යුත්තේ මහබැංකුව බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. මහමැතිවරණය ආසන්නයේ ඇතිව තිබෙන මෙම මුල්‍ය ආයතන අර්බුදය නිසා වහාම ක්‍රියාත්මක වී ‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන්ට ගෙවීම් සිදුකරන ලෙස අගමැතිවරයා තරවටුවක් සිදුකර ඇත.
වත්මන් ආර්ථික ක්රමයේ මුල්‍ය ආයතන හරහා විශාල වශයෙන් ජනතාව පීඩාවට ඇද දමන අතර ඒවා විසින් මෙරට ආර්ථිකයේ නොමැති වටිනාකම් ජනතාව අතර බෙදාහැරීමේ පොරොන්දුව පිට තැන්පතු විශාල වශයෙන් ආකර්ෂණය කර ගනී. ඒහෙත් නැවත ඒම තැන්පතු හා පොලී වටිනාකම උපදවන්නට ඒම මුල්‍ය ප්‍රාග්ධන ක්‍රියාවලිය අසමත්වීම නිසා තැන්පත්කරුවන් විශාල වංචාවකට හසුවේ. වරින්වර මෙම මුල්‍ය සමාගම්වල උගුලට හසුවන ජනතාව නැවත නැවත ආකර්ෂණීය පොලි අනුපාත සඳහා යළි යළිත් උගුලට හසුකරගනු ලබයි. මෙවැනි අර්බුදයන්ට වගකිව යුත්තේ මහබැංකුව පමණක් යැයි කියනු ලැබුවද ඒය නවලිබරල් ආර්ථික ක්‍රමය පවත්වාගෙන යන සියලු පාලකයන්ගේ උගුලකි.