தமிழ்
English
Contact
Thursday 21st March 2019    
ආණ්ඩුව චීනයෙන් රු.කෝටි 17000ක තවත් ණයක් ගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව චීනයෙන් රු.කෝටි 17000ක තවත් ණයක් ගනී!



දැවැන්ත ණය උගුලක සිරවී සිටින අතර ආණ්ඩුව නැවත වරක් අමෙරිකන් ඩොලර් කෝටි 100 ක ණයක් චීනයේ සංවර්ධන බැංකුවෙන් ලබාගෙන ඇත.
රුපියල්වලින් කෝටි 17000ක් වන මෙම ණය මුදල වසර අටක් තුළ කල් පිරෙන අතර වසර තුනක සහන කාලයකින් පසුව ගෙවීමේ පදනමෙන් ලබාගෙන ඇත. මෙම ණය මුදල නිසා රුපියල ශක්තිමත්වන බව මහබැංකුව පවසන අතර චීන ණය ප්‍රමාණය මෙයින් තවදුරටත් ඉහළ යයි. මේ වනවිට රුපියල අවප්‍රමාණ වීමෙන් දුර්වල වී ඇති විදේශ සංචිත ඉහළ යන්නට මෙම ණය මුදල හේතුවන නිසා මෙැවින ණයක් තතුළින් අරමුණු කීපයක් ඉටුකරගන්නට හැකි බවද මහබැංකුව පවසයි.

කෙසේවෙතත් මේ වනවිට ලංකාවේ ණය අර්බුදය උග්‍ර අතට හැරී ඇති බවද ඒක පුද්ගල ණය ප්‍රමාණය අධික බවද පවසන්නේ මහ බැංකු වාර්තාවලින්මය.වත්මන් ආණ්ඩුව විසින් පසුගිය මැයි මාසයේදී මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම් සදහා ඩොලර් බිලියනයක ණයක් ලබාගත් අතර එය එක්සිම් බැංකුවෙන් ලබා දෙන ලදී.

වසර 12 ක කාලය තුළ ශ්‍රී ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක් එනම්, රුපියල් බිලියන 1029 ක් ණය මුදල් වශයෙන් ලබාගෙන ඇත. ම ණය මුදල් චීන සංවර්ධන බැංකු සංස්ථාව සහ එක්සිම් මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ලබාගත් ඒවාය.

මහාමාර්ග, විදුලි බලාගාර, ජල සැපයුම් සහ අපවහන පද්ධති ව්‍යාපෘති සඳහා අදාළ ණය මුදල් ලබාගෙන ඇති අතර, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා පමණක් ලබාගෙන ඇති ණය මුදල රුපියල් බිලියන 188 කට අධික බව වාර්තා වේ.

එසේම පුත්තලම තාප විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා 2005 සහ 2006 වසරවලදී රුපියල් බිලියන 72 ණය මුදල් චීනයෙන් ලබාගෙන ඇති අතර, දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට බෙලිඅත්තට දීර්ඝ කිරීම සඳහා ලබාගෙන ඇති ණය මුදල රුපියල් බිලියන 300 කි.