தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ආණ්ඩුව ණය කන්දක් අභියස - ලබන වසරේ ගෙවිය යුතු ණය ඩොලර් බිලියන 4.8ක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව ණය කන්දක් අභියස – ලබන වසරේ ගෙවිය යුතු ණය ඩොලර් බිලියන 4.8ක්



ශ්‍රී ලංකාව ලබන වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා තිබේ.

මේ වසරේ 8 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී ආචාර්ය වීරසිංහ ඒ කරුණු සඳහන් කර තිබේ.

එහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේ ද කීය.

වාණිජ වෙළෙඳපොළවලින් මුදල් සොයාගන්නවාද කොහොමද කියන තීරණ ගන්න ඕනෑ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව ඉන්නේ අතුරු සම්මත ගිණුමක් යටතේ. පසුගිය ආණ්ඩුවට සැලැසුම් තිබුණා ඒ සම්බන්ධයෙන්. දැන් අලුත් ආණ්ඩුවක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නව තීරණ ගත යුතුයි.

කොහොම නමුත් අපි මුදල් ප්‍රමාණයක් සොයාගත යුතුව තිබෙනවා. පසුගිය සමයේදී සොයාගත් මුදල් ප්‍රමාණයක් අප සතුව තිබෙන නමුත් තවදුරටත් මුදල් අවශ්‍ය වෙනවා. වාණිජ මූල්‍යකරණය මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් හෝ අදාළ මුදල් සොයාගන්න අවශ්‍යයි.

ණය මුදලෙන් විශාල මුදලක් ගෙවන්න තියෙන්නේ ලබන ඔක්තෝබර් මාසයේ. එතෙක් අපට සහනයක් තිබෙනවා වගේම සුමට මුදල් ගලාඒමක් තිබෙනවා”.