தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
ආණ්ඩුව රහසින් අත්සන් කරන්න යන සෝෆා ගිවිසුමෙන් වෙන්නෙ මේකයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව රහසින් අත්සන් කරන්න යන සෝෆා ගිවිසුමෙන් වෙන්නෙ මේකයි



මේ වනවිට එක්සත් ජනපද ගැති ආණ්ඩුව විසින් හොර රහසේ අත්සන් කිරීමට සූදානම්වන සෝෆා ගිවිසුම නිසා ලංකාව මහත් ගැටලු රාශියකට මුහුණ පාන්නට නියමිත බව දේශපාලන නිරික්ෂකයෝ පෙන්වා දෙති.

රාජපක්ෂ පාලනය චීනයට නැඹුරුව කටයුතු කළ ආකාරයටත් වඩා රනිල් වික්‍රමසිංහ පාලනය විසින් අමෙරිකන් ගැති පිළිවෙතකට පියවර තබමින් සිටී. රාජපක්ෂ පවුල් පාලනය විසින් අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම වඩා බරපතළ ගැටලු එම ගිවිසුම දීර්ඝ කළ තත්වයක් යටතේ නව සෝෆා ගිවිසුම තුළින් ඇතිවන්නට නියමිතය.

එම ගිවිසුම මගින් එක්සත් ජනපද යුද මෙහෙයුම්වලදී ලංකාව පාර්ශ්වකරුවකු දක්වා වගකීමට බැදී සිටින බව කොන්දේසි අනුව පෙනී යයි. එපමණක් නොව, අමෙරිකානු හමුදා භටයන්ට ලංකාවට ඇතුළු වන්නට ගමන් බලපත්‍ර හෝ වීසා අවසරය අවශ්‍ය නොවන ආකාරයට සෝෆා ගිවිසුම මගින් ඔවුන්ට වරප්‍රසාද ලබාදෙන්නට නියමිතය. විශේෂයෙන්ම අමෙරිකන් හමුදා සාමාජිකයන්ට මෙරට සිදුකරන වරදකදී හෝ දරුණු අපරාධයකදී වුව මෙරට නීතියට යටත් නොවී පිටව යා හැකිය. අමෙරිකානු රජය අභිමතය පරදිි එම වරද සම්බන්ධව අමෙරිකානු අදිකරණයකට යන්නට හැකි නම් පමණක් සිදුකළ වරදට අධිකරණ ක්‍රියමාර්ග එරටදී ගන්නට සිදු වේ.

මේ ආකාරයට ලංකාවෙ ස්වෛරීභාවයට බරපතළ ලෙස හානිකර වගන්ති රැසක් සෝෆා ගිවිසුමෙන් සක්‍රිය කරන්නට සූදානම් වන බවද මේ වනවිට සාකච්ඡා මට්ටමෙන් ඔබ්බට ගිවිසුම අත්සන් කරන තරමට තත්වය බරපතළ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.