தமிழ்
English
Contact
Monday 26th October 2020    
ආණ්ඩුව ලීසිං මාෆියාවට එරෙහිව පියවර ගත යුතුයි - සජිත් ප්‍රේමදාස | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව ලීසිං මාෆියාවට එරෙහිව පියවර ගත යුතුයි – සජිත් ප්‍රේමදාස



ජනතාව වෙනුවෙන් ලබා දෙන බව කී ලීසිං සහන වහාම ආණ්ඩුව ලබා දියයුතු බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

එමෙන්ම ලීසිං මාෆියාවට එරෙහිව කඩිනමින් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් පැවසූ සජිත් ප්‍රේමදාස අශ්වයා පලා ගියවිට ස්තාලය වසන ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා වටිනා ජීවිතයක් අහිමි වූ බවත් සඳහන් කළේය.

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගිය අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව පැවසීය.