தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
ආණ්ඩුව වතු කම්කරු වැටුප 1000ක් කිරීමේ තිරණයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව වතු කම්කරු වැටුප 1000ක් කිරීමේ තිරණයක



වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ තීරණය තෛපොංගල් දිනය යෙදී ඇති අද (15) දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙන බව පැවසේ.

ඉකුත් සමයේ වතු කම්කරු වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන්, වතු වෘත්තීය සමිති, වාමාංශික සංවිධාන ඇතුලු පිරිස් අරගලයක නිරතවිය. නමුත් යහපාලන ආණ්ඩුව වතු හාම්පුතුන්ගේ පැත්ත ගනිමින් වතු කම්කරු අරගලය පවා දෙන ලදී. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉකුත් ජනාධිපතිවරණයේදී පොරොන්දු වීමට සිදුවූවේ එම අරගලයේ බලපෑම මතයි. එසේම වතු කම්කරු වැටුප සත්‍ය ලෙසම වැඩි කර ඇත්නම් එය 1000 වැටුප් අරගලය සමඟ සම්බන්ධවූ ජනතාව ලැබූ ජයකි. නමුත් ගැටලුවකට ඇත්තේ වතු කම්කරුවන් සඳහා වැටුප් ගෙවන්නේ ආණ්ඩුව නොවන නිසා වතු හාම්පුතුන් මෙම වැටුප් වැඩිකිරීමට එකඟ විය යුතු වීමයි. වතු කම්කරුවාගේ වැටුප් වැඩි කරන්නේ වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති අත්සන් කරන සාමූහික ගිවිසුමක් හරහායි. මෙම වතු වැඩිකිරීම ගැන වතු හාම්පුතුන්ගේ තීරණය තවමත් පැහැදිලි නැත.