தமிழ்
English
Contact
Friday 14th August 2020    
ආණ්ඩුව ව්‍යසනයෙන් හෙම්බත්ව සිටින ජනතාව මතම බර පටවනවා - චමීර කොස්වත්ත | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව ව්‍යසනයෙන් හෙම්බත්ව සිටින ජනතාව මතම බර පටවනවා – චමීර කොස්වත්ත



ව්‍යසනයේ බලපෑමෙන් හෙම්බත් වී සිටින ජනතාව මතම තව තවත් බර පටවමින් ආණ්ඩුව ජනතාව මුළා කරමින් බදු ඉහළ දැමීමට කටයුතු කිරීම සමග දැරිය නොහැකි අන්දමින් බඩු මිළ ඉහළ ගොස් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත පවසයි. මැතිවරණයක් අභිමුවේ තබියදී පවා ආණ්ඩුව මෙලෙස බඩු මිල ඉහළ දැමීමෙන් පැහැදිලි වන්නේ බලය තහවුරු කරගත් පසු තවදුරටත් ව්‍යසනයේ සහ ආර්ථික අර්බුදයේ බර ජනතාව පිට පැටවීම කටයුතු කරන බවට වන සංඥාව බවද ඔහු පවසා තිබේ.

මෙහිදී අදහස් දක්වමින් චමීර කොස්වත්ත පවසා සිටියේ,
දේශීය ආර්ථිකයක් ගොඩනැගීමේ දිගුකාලීන අරමුණක් සහිතව ආනයන සීමාකිරීම සදහා ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ මත පවා බදු ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කරකර තිබෙන අතර, කොරෝනා ව්‍යසනය නිසා ඇති වූ තත්වය සමග වැටුප් සහ අතිකාල කප්පාදු වී, ඇතැමුන්ට රැකියා සහ තම දෛනික ආදායම් මාර්ග පවා අහිමිව අසරණව සිටින ජනතාව මතම තවදුරටත් ව්‍යසනයේ බර පටවමින් ආණ්ඩුව බඩු මිළ ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බවයි.

මැතිවරණයක් අභිමුවේ තබියදී පවා ආණ්ඩුව මෙලෙස බඩු මිල ඉහළ දැමීමෙන් දෙනු ලබන සංඥාව ජනතාව වටහාගතයුතු බවත් මැතිවරණය පවත්වා බලය තහවුරුකරගත් පසුවද සිදුවීමට නියමිත තවදුරටත් ව්‍යසනයේ සහ ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පැටවීමට කටයුතු කිරීම බව ඔහු පවසා සිටියා.

විපක්ෂයේ පිරිසක් සිරිකොතේ බලය ඇල්ලීමට දගලන අතර ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ තම පර්ලිමේන්තු ආසන ගණන වැඩිකර ගැනීමට උත්සුක වෙද්දී ජනතාවගේ මේ සැබෑ ප්‍රශ්ණ වෙනුවෙන් හඩක් නැගීමට කිසිවකුත් නොමැතිබවත් එම නිසා ජනතාවට සිදුවන්නේ ඉදිරියේ මුහුණපෑමට සිදුවන සියළු පීඩාවන්ට එරෙහිව සංවිධානය වී සටන් කිරීම පමණක් බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියා.