தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ආණ්ඩුව, සහල් මාෆියාවට යටවීමේ වන්දිය ගෙවිය යුත්තේ ජනතාව! - ගොවි අරගල ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව, සහල් මාෆියාවට යටවීමේ වන්දිය ගෙවිය යුත්තේ ජනතාව! – ගොවි අරගල ව්‍යාපාරය



පාරිභෝගික සේවා අධිකාරිය සේවය කළ යුත්තේ ජනතාවට වුවත් සහල් ව්‍යාපාරිකයන්ගේ තර්ජන හමුවේ ඔවුන් දණගැසීමෙන් වන්දි ගෙවිය යුතු සහල් පාරිභෝගික ජනතාව බව ‘ගොවි අරගල ව්‍යාපාරය’ පවසයි.
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් ඩඩ්ලි සිරිසේනගේ ‘අරලිය’ සහල් නිෂ්පාදන ආයතනයට පැමිණි පසුව ඒහි හිමිකරු ඩඩ්ලි සිරිසේන ඔවුන් සමග වාදයක පැටලෙමින් ප්‍රකාශ කළේ පසුගිය කන්නයේ වී අස්වනු රු. 50ක් ලෙස නියම කළ ආණ්ඩුව, සහල් අලෙවියට උපරිම සිල්ලර මිල රු. 90 ක්වා පහත හෙලීමෙන් තමන් අපහසුතාවට පත් වූ බවය. මෙම තත්වය යටතේ සහල් මිල නැවත රු. 98 දක්වා වැඩි නොකරන්නේ නම් ලබන කන්නයේ වී අස්වනු සියල්ල ආණ්ඩුවට මිලදී ගන්නට සිදුවනු ඇති බව පවසමින් ඩඩ්ලි සිරිසේන ආණ්ඩුවේ නිලධාරින්ට තර්ජනය කළේය. දින කිහිපයක් තුළ ඒම තර්ජනයට යට වීමෙන් ආණ්ඩුව සහල් මිල පැවති ප්‍රමාණයට නැංවීමෙන් ඩඩ්ලි සිරිසේනගේ සහල් ඒ්කාධිකාරයේ බලය කොපමණදැයි හෙළිදරව් වන බව ගොවි අරගල ව්‍යාපාරයේ විමල් වත්තුහේවා ‘ලංකාවීව්ස්’ වෙත පැවසීය.
අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ, සාමාන්‍යයෙන් කුඩා මෝල්හිමියන්ට අවාසිදායක තත්වයක් ඇති වුවත් මහා පරිමාණ මෝල්හිමියන්ට රු. 50ට මිලදී ගෙන සාමාන්‍ය ලාභයක් තබාගෙන රු.90ට සහල් අලෙවි කිරීමට හැකියාවක් ඇති බවය. පසුගිය වසර අවසානයේ රු. 110-120 වැනි මිල ගණන්වලට සම්බා සහල් කිලෝවක් අලෙවි කළේ රු. 50ක් වැනි අධික ලාභයක් තබාගෙන බව ‘ගොවි අරගල ව්‍යාපාරය’ චෝදනා කරයි. ඒසේම රු. 50ක සහතික මිලක් පවතින අතර ඩඩ්ලි සිරිසේන පැවසුවේ තමන් රු. 55ක් බැගින් ගෙවා මිලයට ගත් වී කිලෝවකින් රු. 90 සහල් අලෙවි කිරීමට නොහැකි බවය. ඒසේ සහතික මිලටත් වැඩි මිලක් ගෙවමින් වී මිලදී ගැනීමේ අරමුණ වන්නේ සහල් නිෂ්පාදනයේ ඒ්කාධිකාරය තමන් වෙත තබාගැනීම බව පැහැදිලිය. ඒවැනි කූට වෙළඳ සැලසුම්වලට වන්දි ගෙවිය යුත්තේ සහල් පාරිභෝගිකයන්වන සාමාන්‍ය ජනතාවදැයි ගොවි අරගල ව්‍යාපාරය ප්‍රශ්න කරයි.
සහල් නිෂ්පාදනයේදී ඩඩ්ලි සිරිසේන වැනි ව්‍යාපාරිකයන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේදී ඒම නිෂ්පාදන වියදම ඉතා අවම මට්ටමකින් පවත්වා ගන්නා බැවින් සාමාන්‍ය මෝල් හිමියන්ට වඩා පහසුවෙන් ලාභ ඉපදවිය හැකිය. මහා පරිමාණයෙන් සිදුවන නිසාම නිෂ්පාදනයේ අතුරුපල ප්‍රමාණාත්මකව ඉහළ වන තඅර ඒ්වා අලෙවි කිරීමෙන්ද ලාභ ඉපදවිය හැකිය. විශේෂයෙන් කැඩුනු සහල් අලෙවිය සහ දහයියා අලෙවිය විශාල මෝල්කරුවන්ට අමතරව ලාභ ගෙන දෙන නමුත් වී නිෂ්පාදනයේ ලාභය ගැන ගණන් බලනුයේ සහල්වල අලවියෙන් පමණකි.