தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
ආණ්ඩුව 2022 ආරම්භයේදී කැත කළ අමුඩෙ මාරු කරන්න සැරසෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව 2022 ආරම්භයේදී කැත කළ අමුඩෙ මාරු කරන්න සැරසෙයි!



මේ වනවිට වැරදි දේශපාලන ප්‍රතිපත්ති මෙන්ම වැරදි තීරණ හේතුවෙන් ජනතා විරෝධයේ කරවටක් ගිලී සිටින ආණ්ඩුව, මළ පහ වූ විට දුගඳ අමුඩය මාරු කරන්නා සේ තනතුරු මාරු කිරීමට සූදානම් වෙයි.

2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජනතාවට ජාතික ආරක්ෂාව ඇතුළු ව්‍යාජ පොරොන්දු රාශියක් දෙමින් ඡන්ද කොල්ල කා ගත් අතර 2020 අගෝස්තු මහමැතිවරණයෙන්ද එම පොරොන්දු නැවත සෞභාග්‍ය දැක්මක් යටතේ ඉදිරිපත් කර ජනතා ඡන්දය ගෙන 2/3 පාර්ලිමේන්තු බලයද ඉන් අනතුරුව විධායක බලය තහවුරු කරන 20 වැනි සංශෝධනයද ගෙන එන ලදී. නමුත් මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව අතර හාස්‍යයට ලක්වන අතර සමස්ත ආණ්ඩුවේම අසාර්ථකභාවය විවිධ ක්ෂේත්‍රවල සනාථ වී ඇත.

විශේෂයෙන් හාල්, එළවළු, කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම පමණක් නොව මිල පාලනය ආණ්ඩුවට කළ නොහැකි දෙයක් බව පැහැදිලිය. විදේශ සංචිත ශිඝ්‍රයෙන් පහත වැටී ආනයන පාලනය කිරීමට සිදුවී ඇති අතර ණය වාරික හා පොලී ගෙවා ගන්නට රාජ්‍ය දේපළ කුණු කොල්ලයට දීමට සූදානම් වේ.

මේ වනවිට ගොවියා, කම්කරුවා මෙන්ම, ගුරුවරයා ඉල්ලා සිටින සාධාරණ ඉල්ලීම් ලබාදීමට නොහැකි නිසා ආණ්ඩුව විවිධ බොරු මවා පෑම් කරමින් ඇතැම් විට ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන බලවේග මර්දනය කරමින් සම්පූර්ණයෙන් අසාර්ථක ආණ්ඩුවක් ලෙස ප්‍රතික්ෂේප වෙමින් සිටී.
මෙම තත්වය තුළ අමුඩයේ මළ පහ වූවකු අමුඩය මාරුකර සත්‍ය තත්වය වසන් කරන්නට සූදානම් වන සේ ආණ්ඩුවේ ඇමතිකම් ඇතුළු තනතුරු වෙනස් කිරීමට සූදානමක් ඇත. මෙසේ පිටතට පෙනෙන ස්වරූපය, එනම්, මුහුණු මාරු කිරීමෙන් ජනතාව රැවටීමට හැකි යයි ආණ්ඩුවේ නායකයන් කල්පනා කරනවා විය යුතුය.

පාර්ලිමේන්තු සැසිය අවසන්කර 2022 නව සැසිය ආරම්භ කිරීමේදී කැබිනට් ඇමති මණ්ඩලයේ සංශෝධන සිදු කිරීමට සහ පාර්ලිමේන්තු කාරක සභාවලදී ආණ්ඩුවට අවාසිදායක කටයුතු කළ මන්ත්‍රිවරු ඉවත් කර එහෙයියන් පත්කිරීමටද තීරණය කර ඇත. නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා අවසන් කරනු ලැබූ අතර පාර්ලිමේන්තුවේ කමිටු කීපයක් හැරෙන්නට සෙසු කමිටු හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මේ සමග අහෝසිවී ඇත. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී තිබුණද සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමද ගැටළු සහගත බව හෙතෙම සඳහන් කළේය.

දේශපාලන අංශ ආරංචි මාර්ගවලින් පැවසෙන ආකාරයට ප්‍රධාන පෙළේ ඇමැතිධුර කිහිපයකද වෙනස්වීම් සිදුකෙරෙනු ඇත. කෙසේවෙතත්, කැබිනට් මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර ඇති විරෝධය මෙන්ම ඇතැම් ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධ මහජන විරෝධතා උපයෝගි කරමින් මෙම මුහුණු මාරුව සිදුකරන්නට සූදානමක් ඇත.

මේ අතර පාර්ලිමේන්තු සැසිය අවසන්කිරීම නිසා අහෝසිවන පාර්ලිමේන්තු කාරක සභා වෙනස් කිරීමේදී ආණ්ඩුවට අහිතකර තීරණ ත් කරක සභා සභාපතිවරු ඉවත් කිරීමද සිදුවනු ඇත. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හොබවනු ලැබුවේ මහාචාර්ය චරිත හේරත්, රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය මහාචාර්ය තිස්ස විතාරණ, මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හොබවනු ලැබුවේ නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මේ ආකාරයට ආණ්ඩුවට අහිතකර තීරණ ගැනීම නිසා දඩයමට ලක්වනු ඇත.

විශේෂයෙන් දූෂණ සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති ආයතනවල ප්‍රධානින් පොදු ව්‍යාපාර හෝ රජයේ ගිණුම් කාරක සභා ඉදිරියට කැඳවීමේ කටයුතු මෙම තත්වය තුළ වඩාත් ප්‍රමාද කෙරෙනු ඇත. කෙසේවෙතත්, දේශපාලන ගැතිකම් කරන මුග්ධ එහෙයියන් මෙම තනතුරුවලට පත්කරගැනීමෙන් තත්වය වඩා දරුණු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.