Posted on 12.14.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ (13) පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
මේ අනුව මෙරටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත යෙදවුම් පමණක් ආනයනය කෙරෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.
මේ වනවිට ආණ්ඩුව විසින් ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය ඇතුළු මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් යහපත් ප්‍රතිචාර ලැබුණොත් ඔවුන්ගෙන් ණය ලබා ගෙන ඩොලර් හිගය පියවා ගන්නා බව ඇමති බැසිල් පවසා තිබේ. මේ වනවිට ඉන්දියාවෙන් සහනදායක පිළිතුරු ලැබී ඇති අතර තවදුරටත් ඩොලර් සංචිත වර්ධනය කරගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කරමින් සිටින බව ඔහු පවසා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශගතව සිටින නිසා කැබිනට් රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අතර ,රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.