Posted on 12.23.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව තමන්ට හිතවාදී ව්යාපාරික චෞර වළල්ලකට විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට ඉඩ සලසමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ඔක්තෝබර් 13වැනිදා සීනි ආනයනය කිරීමට අදාළව තිබූ බද්ද ශත 25 දක්වා අඩු කිරීම නිසා දළ වශයෙන් ගත්තොත් රු. කෝටි 1000ක බදු ආදායමක් අහිමි රජයට අහිමිවූ බවයි. මේ හරහා ‘වියත්මග’ට විවිධ පහසුකම් සපයමින් ක්රියා කළ සජාඩ් මවුසූන් (Sajjad Mawzoon)ට අයත් විල්මා ආයතනය විශාල ලාභයක් ලබා ඇති බව අනුර කුමාර දිසානායක පෙන්වා දී ඇත.
අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා ඇත්තේ,
“සීනි විතරක් නෙවෙයි, පහුගිය ජූනි මස 26වැනිදා ගැසට් නිවේදනයකින් පොල්තෙල් ආනයනය කිරීමේ බදු සම්බන්ධ ගැසට් එකකින් පොල්තෙල් ආනයනය කිරීමේ බද්ද කිලෝ එකකට රු. 150ක් නියම කළා. එම ගැසට් එක වෙනුවට ජූලි මාසේ 10වැනිදා කිලෝග්රෑම් එකකින් රු. 25ක් අඩුකර බද්දක් නියම කළා. දෙසැම්බර් මස 14වැනිදා නැවත ගැසට් නිවේදනයකින් බද්ද රු. 125ක් කළා. දෙසැම්බර් 14වැනිදා විල්මා ආයතනයෙන් පොල් තෙල් මෙ.ටොන් 7,000ක් කොළඹ වරායට ගෙනාවා. ඒ වෙනුවෙන් බදු ගෙව්වේ කිලෝ එකකට රු.100 බැගින්. මේ ආයතනයට කිලෝ ග්රෑම් එකකින් රු. 25ක අතිරේක බදු ලාභයක් උපයා ගන්න ඉඩ දීලා 15වැනිදා සිට නැවත රු.25කින් බද්ද වැඩිකළා. දෙසැම්බර් 14 වැනිදා තුන් දෙනෙක් පොල්තෙල් ආනයනය කළා.
දෙන්නෙක් කුඩා පරිමාණයේ අය. විල්මා ආයතනය ප්රධාන ආනයනකරුවා හැටියට මෙ.ටොන්. 7,000ක් ආනයනය කර දළ වශයෙන් ගැසට් සෙල්ලම හරහා මිලියන 175ක අතිරේක ලාභයක් උපයා ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා.”