தமிழ்
English
Contact
Monday 26th October 2020    
ආනවිලුන්දාව ඩෝසර් කළ සනත් නිශාන්තගේ සොයුරා මාසයකට පසු අධිකරණයට බාර වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආනවිලුන්දාව ඩෝසර් කළ සනත් නිශාන්තගේ සොයුරා මාසයකට පසු අධිකරණයට බාර වෙයි



ආනවිලුන්දාව රැම්සා තෙත් බිම නීති විරෝධී ලෙස ඩෝසර් කර එහි ඉස්සන් ටැංකි සෑදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා ඊයේ අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු 24 දක්වා රිමාන්ඩ් බන්ධාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඉකුත් 25වැනි දින සිදුවූ මෙම විනාශයෙන් දින කිහිපයකට පසු ආණ්ඩුවට එල්ල වූ විරෝධය හමුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඉස්සන් කොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ නිරත වූ ඩෝසර් හිමිකරු සහ ඉස්සන් කොටුව ශුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා පමණි.

එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වනජීවී ඇමතිවරයා පත්කළ විශේෂඥ කමිටු වාර්තාවෙන් ජගත් සමන්ත පෙරේරාගේ මෙහෙයවීම මත මෙම විනාශය සිදුකර ඇති බව හෙළිවිය.

ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත මෙම සුද්ධ කිරීම සිදුකර ඇති අතර ඔහු විසින් මීට පෙර අවස්ථා කිහිපකදී ද, අදාළ ප්‍රදේශය ඉස්සන් වගා ව්‍යාපෘති සඳහා මෙලෙස භාවිත කර තිබෙන බව ද මෙම වාර්තාවේ සඳහන්ය.

මෙම ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරාය.

පසුගිය 18 වැනි දින එවකට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්වරයා ඒ වනවිට අත්අඩංගුවේ පසුවූ සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ සියය බැගින් පුද්ගලික ඇප දෙකක් මත මුදා හැර තිබුණි. එහිදි මෙම ඩෝසර් සිද්ධියට සම්බන්ධ අය සිටිනම් ඔවුන් අත්අඩංගුවට ගැනීම පිණිස අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කර වරෙන්තු නියෝගයක් ලබා ගන්නා ලෙසත් විනිිසුරුවරයා ආරච්චිකට්ටුව පොලිසියට නියෝග කැර තිබුණි.

නමුත් ඊයේ ජගත් සමන්ත පෙරේරා අධිකරණයට බාර වෙනතුරු ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකරන ලදී.