தமிழ்
English
Contact
Saturday 24th October 2020    
ආනවිළුන්දාව ඩෝසර් කළ බවට චෝදනා එල්ලවූ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආනවිළුන්දාව ඩෝසර් කළ බවට චෝදනා එල්ලවූ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්



රැම්සා තෙත් බිම් කලාපයක් ලෙසින් නම් කර ඇති ආනවිළුන්දාව කුරුළු අභය භුමියට නිති විරෝධිව ඇතුළු වී එහි භුමිය ඩෝසර් කළ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි දෙදෙනා මේ මස 18 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙසේ රිමාන්ඩ් කෙරුණේ නිශාන්ත ප්‍රනාන්දු නැමති රක්ෂිතය ඉස්සන් පොකුණක් ඉදි කිරිම පිණිස ඩෝසර් යන්ත්‍රයක් යෙදු ව්‍යාපාරිකයෙකු සහ සුජිත් කුමාර නම් ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුවේ.

පසුගිය අප්‍රේල් 25වනදා රාත්‍රියේ ආනවිලුන්දාව කුරුළු අභය භුමියට ඇතුළු වි ඩෝසර් යන්‍ත්‍රයක් යොදවා එම බිමේ අක්කරයක පමණ ප්‍රදේශයක් සුද්ධ පවිත්‍ර කර පොකුණක් ලෙසින් සකස් කර ඇති බවට පරිසරවේදීන් චෝදනා එල්ල කරන ලදී. බලධාරීන්ගේ අවදානය මේ පරිසර විනාශය කෙරෙහි යොමුවුවේ ඉන් දින කිහිපයකට පසුයි.

ඉන්පසු ආනවිලුන්දාව වන ජිවි කාර්යාලය විසින් කර තිබු පැමිණිල්ලක් අනුව පසුගිය මස 25 වන දින රාත්‍රි නීති විරෝධි ලෙසින් කුරුළු අභය භුමියට ඇතුළු වි ඩෝසර් යන්‍ත්‍රයක් යොදවා එම බිමේ අක්කරයක පමණ ප්‍රදේශයක් සුද්ධ පවිත්‍ර කර පොකුණක් ලෙසින් සකස් කර තිබු බවත් පසුව ආරච්චිකට්ටුව පොලිසිය විසින් මුලික පරික්ෂණයක් සිදුකර පසු එම සිද්ධිය තහවුරු වු බවත් පැවසුණි. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුවූවේ ඉන් පසුවයි.